39✍️

2K 356 193
                                    

ටේහ්‍යුන් ඔෆිස් ආවෙ ගොඩක් දවසකට පස්සේ නිසා ඇත්තටම ටේහ්‍යුන්ට කරන්න වැඩ ගොඩක් තිබුනා. මොකද ඒ දෙන්නා මේ ඔෆිස් ආවේ තියෙන වැඩ ටික ඉක්මනින් බලලා පැයකින් ආයෙත් gunsan පිටත් වෙන්න හිතාගෙන.

කොහොම හිතාගෙන ආවාත් ඇවිත් විනාඩි දහයක් ගතවුනු වෙලාවේ වත් ටේහ්‍යුන්ට අඩුම එයාගෙ ලැප් එක ඔන් කරගන්න ඉඩක් ලැබුනේ නෑ. එයා උත්සාහ කලා එහෙම කරන්න. එතකොට එයාට සිද්ද උනේ පුන්චි රැවිල්ලකට අහුවෙන්න.

එතන ඉදන් ටේහ්‍යුන් කලේම එයාගෙ පුන්චි මැනිකගේ හුරතල් බල බල හුරතල් කර කර ඉන්න එක. ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ගෙ ඔඩොක්කුවේ. සම්පූර්ණයෙන්ම උකුල උඩ ඉදගෙන කකුල් දෙක දෙපැත්තට දාගෙන හිටපු ජන්කුක් කෝලා පැටියෙක් වගේ ටේහ්‍යුන්ගෙ බෙල්ල බදාගෙන හිටියා විතරක් නෙවෙයි හුරතලේ දිගටම එයාගෙ ටේහ්‍යුන්ගි හියුන්ගි එක්ක මොට්ටු කිව්වා.

මොට්ටු කිව්වා කියන්නේ නලලට නලල ලං කරගෙන සැරින් සැරේ ඒ නලලින් මේ නලලට තට්ටු දැම්මා.. ජන්කුක්ගෙ වැඩෙන් ටේහ්‍යුන්ට චුට්ටම චුට්ටක් රිදුනත් ජන්කුක් ඒකට ගොඩක් ආසා කරපු නිසා ටේහ්‍යුන් ඒක නවත්තන්න ගියෙත් නෑ.

ඔය අතරේ ටේහ්‍යුන් හිමින් එක අතක් ජන්කුක්ගෙ ඉනෙන් තියලා ජන්කුක්ව තමන්ගෙ ඇගට හිර කරගත්තා. නිදහස් අත ජන්කුක්ට නොදැනෙන්න ටේබල් එක දිහාවට අරන් ගිහින් ටේහ්‍යුන් උත්සාහ කලේ ලැප් එක ඔන් කරගන්න. පැන්ඩා පැටියෙක් ඇගේ එල්ලිලා ඉද්දි වැඩ කරගන්න අමාරු උනත් ටේහ්‍යුන් කැමති නෑ ඒ පැන්ඩා පැටියව ඇගෙන් අහක් කරන්නත්.

ඒත් මෙදා සැරෙත් ටේහ්‍යුන්ගෙ උත්සාහය වතුරෙ ගියා. බලාපොරොත්තු නොවුන මොහොතක එලියෙන් කතා නොකරම ටේහ්‍යුන්ගෙ කැබින් එකේ දොර ඇරෙද්දි ටේහ්‍යුන් විතරක් නෙවෙයි, ටේහ්‍යුන්ගෙ සුවඳට ඉව අල්ල අල්ල හිටපු ටේහ්‍යුන්ගෙ පුන්චි වෘක පැටියත් ටේහ්‍යුන්ගෙ බෙල්ලෙන් ඈත් වෙලා දොර දිහාවට තමන්ගේ අවදානය යොමුකලා.

ටේහ්‍යුන්ගෙ ඇස් වල කිසිම හැඟීමක් නොඇදුනාත් ජන්කුක්ගෙ ඇස් වල ඒ ක්ශනිකව ඇදුනේ මහ දරුණු විදියේ බැල්මක්.

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now