36✍️

1.8K 352 209
                                    

නිහඬ හොස්පිටල් කාමරේ දොර එලියෙන් යාන්තමට ඇරපු යුන්ගි අගල් කිහිපයක් මෑත් උන දොර හිඩැසෙන් කාමරේ ඇද මත වැතිරිලා සැප නින්දක ඉන්න ජන්කුක් දිහාත් ඒ ඇදේම කොනකට හිස තියන් සිනිදු ඇගිලි තමන්ගෙ රලු අතගැලි අතර පටලවන් අඩ නින්දක ඉන්න ටේහ්‍යුන් දිහාත් බලලා බර හුස්මක් පිට කලා.

එහෙමම ඇරපු දොර ඇරියටත් වඩා නිහඬවම වහමින් යුන්ගි එතනින් පිටවුනේ වූබින් අප්පගෙ අවසන් කටයුතු වලට.

දවසකට කලින් ICU එක ඇතුලෙදි සිහිනැති වුන ටේහ්‍යුන්ට පැය දෙක තුනකින් සිහිය ලැබුනා. ඒ වෙනකොට ජන්කුක් වත් සාමාන්‍ය හොස්පිටල් රූම් එකකට මාරු කරලා තිබුනේ ජන්කුක්ගෙ තත්වය ඒ තරම් බරපතල නැති නිසා.

සිහිය ලැබුන වෙලාවෙ පටන් ටේහ්‍යුන් බලාගෙන ඉන්නේ ජන්කුක් නින්දෙන් නැගිටිනකන්. එයාගෙ රෝස මල එක්ක ඒ දෙන්නගෙ අප්පව හොයන්න යන්න ටේහ්‍යුන්ට තිබුනෙ ලොකු වුවමනාවක්.. තනියම උනත් යන්න පුලුවන් උනත්,, ආයෙමත් එයාගෙ රෝසමල එක තප්පරයකට තනි කරන්න ටේහ්‍යුන් කැමති උනේ නෑ.. එයා නැති වෙලාවෙ මේ සිද්ද උන දේ ටේහ්‍යුන්ට හොදටම ඇති.

යුන්ගි, ලීසා, ජිමින් කොයිතරම් ටේහ්‍යුන්ට ඇත්ත තත්වය පැහැදිලි කරන්න උත්සාහ කලත් ඒ හැම උත්සාහයක්ම ගඟට කපන ඉනි වගේ නිශ්පල වෙද්දි අකමැත්තෙන් උනත් ඒ තුන්දෙනා ටේහ්‍යුන් නැතුවම වූබින්ගෙ අවසන් කටයුතු සිද්ද කරන්න සූදානම් උනා..

මේ වෙලාවෙ ශක්තිමත් හිතකට තිබුනේ යුන්ගිගෙ හිත විතරයි. ලීසාත් හිටියේ වැලහින්නක් වගේ අඩමින්. ලීසාට දෙවෙනි නැති ජිමින් ලීසාගෙ තුරුලට වෙලා අඩද්දි සිද්ද උන හදිසි කරදරෙන් බිඳ වැටුනු ටේහ්‍යුන් නොයෙන ගමනක් ගිය අප්පව හොයන්න යන්න එයාගෙ රෝසමල නැගිටිනකන් බලාගෙන හිටියා.

ශක්තිමත් බව මතුපිටින් පෙන්නුවාත් යුන්ගිත් හිටියේ හදවතින් අඩ අඩ. ඒත් එක්කෙනෙක් හරි මේ වෙලාවෙ කෙලින් ඉන්න ඕනි කියන සිතුවිල්ල යුන්ගිව ගලක් වගේ ශක්තිමත් කලා.

යුන්ගි නිහඬවම දොර වහගෙන එලියට යද්දි මෙච්චර වෙලාවක් නිදි වගේ බොරුවට ජන්කුක්ගෙ ඇදට ඔලුව තියාගෙන හිටිය ටේහ්‍යුන් ඉක්මනින් ඔලුව උස්සලා ආයෙම ජන්කුක්ගෙ මූනට එබුනා..

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now