හියුන්ගී....
රෝසමල...
එයාට ඉස්සරහින් නිහඬවම ගලාගෙන යන හං ගඟ ඉවුරේ වවලා තිබුන ආදරවන්තයන්ටම වෙන් උන තණ ගොල්ලේ ඉදගෙන හිටපු ජන්කුක් හිමින් සැරේ කතා කලා..
ජන්කුක්ගෙ එක අතක සිනිදු ඇගිලි තුඩු එයාගෙ ඔඩොක්කුවෙ සැපට ඔලුව තියාගෙන තණබිස්සේ වැතිරිලා හිටපු ටේහ්යුන්ගෙ හිසකෙස් අතරින් හිමින් හිමින් එහෙ මෙහෙ දඟ කරන අතරෙ ජන්කුක්ගෙ අනිත් අත ටේහ්යුන්ගෙ අත්වලට හිර වෙලා තිබුනා..
ගං ඉවුරෙන් ඔබ්බට පෙනෙන ඈත අහස් මායිමෙන් උඩට ඇදෙන ඉර නිසා තවමත් උදේ වරුව කියල දකින ඕනිම කෙනෙක්ට කියන්න පුලුවන්.. ඒ ලඟම තිබුන ginkgo ගහේ අතු ඒ දෙන්නව ලාවට වැටෙන ඉර අව්වෙන් ආරක්ෂා කරමින් මේ ආදරණීය මොහොත තවත් ලස්සන කලා..
ඉර එලියට දිලිසෙන ගඟ මතුපිට වීදුරු කැඩපතක් ගානට ඉර එලිය පරාවර්තනය කරද්දී හිමින් හමාගෙන යන මද සුලඟට හෙලවෙන ginkgo අතු වලින් ගිලිහුන ලා කහ පැහැ පත්ර ජන්කුක්ගෙ වගේම ටේහ්යුන්ගෙත් ඇග පුරාම විසිරිලා තිබුනා.. කොල පාට තණබිස්ස වහගෙන බිම පුරාම විසිරිලා තිබුන මේ ලස්සන කහ පාට කොල දන්න දවසෙ ඉදන් ජන්කුක් ආසම දේවල් වලින් එකක්.. කියාගන්න නොතේරෙන අමුතු හේතුවකට මේ කහපාට කොල ජන්කුක්ගෙ හිතට ගෙනාවෙ සැනසීමක්...
ඒ වගේම මේ වෙද්දි බිම වැතිරිලා හිටපු ටේහ්යුන්ගෙ මුලු ඇගම කහ පාට කොල වලින් වැහිලා තියෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.. මොකද ජන්කුක් බිමින් අහුලගන්න සේරම කොල ටේහ්යුන්ගෙ ඇග පුරාම හලලා දැම්මා.. ජන්කුක්ගෙ මේ හුරතල් වැඩ දිහා බලාගෙන ඒ සුවදායක ඔඩොක්කේ සනීපෙට ඉන්න ටේහ්යුන්ගෙ ඇස් තිබුනෙ ඒ හුරතල් පාට තොල් මත.. තොල් වලින් ඇස් වලටත් , ආයෙම කම්මුල් දෙකටත්, නලලටත් , මූන පුරා තියෙන උපන් ලප වලටත් සැරින් සැරේ ටේහ්යුන්ගෙ ඇස් මාරු උනා..