29✍️

1.8K 361 268
                                    

ටේහ්‍යුන් උපාදිය අරන් දවස් කීපයක් ගෙවිලා ගියා.. ඒ කියන්නෙ ටේහ්‍යුන්ට ජන්කුක් මුණ ගැහිලා හරියටම අවුරුද්දක්.. ඒ දෙන්නා ආදරේ කරන්න අරන් මාස 9කට කිට්ටු කාලයක් ගතවෙලා ගිහින්. ඔය අතර කාලයෙ  ජන්කුක්ගෙ බලවත් ඉල්ලීම පිට වූබින්ට සිද්ද උනා ටේහ්‍යුන්ව එයාලගෙ ගෙදරම නවත්තගන්න. ටේහ්‍යුන්ට සිද්ද උනා ඇවිත් නවතින්න. මොකද ජන්කුක් කැමති උනේ නෑ ටේහ්‍යුන් තව දුරටත් සැපපහසුකම් අඩු,, හරියට කිව්වොත් සැපපහසුකමක් නැතිම තරමෙ බෝඩිම් කාමරේක ඉන්නවා දකින්න.

ටේහ්‍යුන්ගෙ උපාධි උත්සවේට පවා ටේහ්‍යුන්ට කියල කෙනෙක් ඇවිත් හිටියා නම් ඒ ජන්කුක් එක්ක වූබින් විතරයි. ඒත් ඒ අප්පා පුතා තමන්ට දෙන ආදරේ නිසාම ඒ දෙන්නගෙ පැමිණීම විතරක් ටේහ්‍යුන්ගෙ හදවත උණුසුම් හැඟිම් ගොඩකින් පුරවලා දැම්මා.

අද,
ටේහ්‍යුන්ගෙ උපාධියෙන් පස්සෙ ගෙවෙන පස්වෙනි දවසෙ රෑ,,

දෙන්නා එක්ක හොදට නිදාගන්න එහෙනම්.. ගුඩ්නයිට් !!

ගුන්නයිට් අප්පා.. උම්මාආආආඅහ්හ්හ්.. හියුන්ගි යන් දොයියන්න

කෑම මේසෙන් නැගිටපු ජන්කුක් වූබින්ගෙ කම්මුලෙන් පුරුදු කිස් එකම තියලා තවමත් ඉදගෙන ඉන්න ටේහ්‍යුන්ගෙ බාහුවෙන් ඇද්දා..

යන් යන්.. එහෙනම් ගුඩ් නයිට් අප්පා

"අප්පා"
ඔව් අප්පා !!
ඒක වූබින්ගෙන් ටේහ්‍යුන්ට කෙරුණු ඉල්ලීමක්..
ඉතින් එදා ඉදන් ටේහ්‍යුන් කිසිම පැකිලීමක් නැතුවම වූබින්ට කතා කලේ අප්පා කියන නමින්.

ගුඩ් නයිට් ටේ.. ගියාට කමක් නෑ මගෙ කොල්ලට කරදර කරනවා එහෙම නෙවෙයි ඈ !!

බොරු තරවටුවක් මූනෙ මවාගෙන වූබින් කියපු කතාවෙන් ටේහ්‍යුන්ගෙ වගේම ජන්කුක්ගෙ කම්මුල් දෙකත් රතු පාට වැටෙද්දි,

යාහ් අප්පාආආආහ්හ්හ්.. මගෙ හියුන්ගි ඒම නෑ හුම්..

හා හා හියුන්ගි එහෙම නෑ කියල මාත් දන්නවා... හැබැයි මගෙ දඟයා එහෙමයිනෙ !!

හුහ් ! මං යනවා...

වූබින්ගෙ හිනාවට රතු පාට උනු කම්මුල් පුම්බන් ගැස්සුව ජන්කුක් ඊලග තප්පරේ පඩිපෙල නගිද්දි ටේහ්‍යුන්ගෙ ඇස් ජන්කුක්ට වැටිලා තියෙනවා දැකපු වූබිනුත් මොහොතකට ටේහ්‍යුන්ගෙ ඇස් ලුහු බැඳන් ගිහින් පඩිපෙල නගිමින් ඉන්න ජන්කුක් ලග නැවතුනා.. ඒත් ඊලගට වූබින් කිව්වෙ ටේහ්‍යුන්ට වහ කන්න හිතෙන කතාවක් !

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now