22✍️

1.8K 372 297
                                    

ජන්කුක්... එන්න ඇතුලට...

ටේහ්‍යුන්ගෙ පස්සෙන් බෝයිස් චේන්ජින් රූම් එකට ආව ජන්කුක් ටේහ්‍යුන්ට පස්සෙ දොරෙන් ඇතුල් උනාම ටේහ්‍යුන් ආපහු දොර ඇතුලෙන් වහලා දැම්මා..

ආ මේක අරන් ගිහින් අතනින් වොශ් එකක් දාගන්න.. ඔය වතුර පිටින් හිටියොත් ටිකක් වෙලා යද්දි ඔයාව ඇලෙන්න ගනියි. මේ ටවල් එකත් ගන්න...

ටේහ්‍යුන් මොනවා කිව්වත් ජන්කුක් සද්ද නෑ.. මොකද එයා තාමත් සිද්ද උන දෙයින් බය වෙලා ඉන්නෙ.. ටේහ්‍යුන් දුන්නු ටවල් එකයි ඇදුමයි අතට අරන් හිමින් සැරේ ඔලුව වැනුවත් ජන්කුක් තාමත් හිටි තැනින් හෙලවුනේ නෑ..

ඒත් ටේහ්‍යුන්ට ජන්කුක්ව තේරුනා.. ඒ නිසාම,,

අහ් ජන්කුක් වොශ් දාන් කතා කරන්න.. මං එලියෙන් ඉන්නම් එහෙනම් !

එහෙම කිව්ව ටේහ්‍යුන් ජන්කුක්ට තනි වෙන්න දීලා එතනින් එලියට ආවා.. ජන්කුක් කොල්ලෙක් උනත් කවුරුත් ඉස්සරහ ඇදුම් මාරු කරන්න එයා බයයි.. බයක්මත් නෙවෙයි... ජන්කුක්ට තිබුනෙ ටිකක් introvert චරිතයක්.. ඒ නිසයි ජන්කුක්ට තවමත් යාලුවෙක් වත් නැත්තෙ...

ටේහ්‍යුන් එලියට ගිහින් විනාඩි පහලවක් වගේ ගෙවෙන තැන චේන්ජින් රූම් එකේ දොර ඇරුනා..
ඒ වෙද්දි ජන්කුක් හිටියෙ ටේහ්‍යුන්ගෙ ලොකු ඇදුමක් ඇතුලෙ ගිලිලා කියල දැක්ක ටේහ්‍යුන්ගෙ මූනට හීන් හිනාවක් ආවෙ ටේහ්‍යුන්ටත් හොරෙන්.. ඒත් එයා හිනාවෙනවා කියල දැනුන හැටියෙ ටේහ්‍යුන් තමන්ගෙ තොල් අතර තිබුනු ඒ පුන්චි මදහස එහෙමම තොල් අතරම සඟවගත්තා..

ජන්කුක් හරිද ??

හරි හියුන්ග්...

හරි එහෙනම් මෙතනින් ඉන්න විනාඩි දෙකක් මං ඉක්මනට එන්නම්..

ඒ කියල ටේහ්‍යුන් චේන්ජින් රූම් එක ඇතුලට පැන්නත්, ආපිට ඉක්මනින් ඔලුව විතරක් එලියට දාගෙන හිනාවුනේ ජන්කුක්ගෙ ඇස් පුදුමෙන් විසල් වෙද්දි..

ටවල් එක !!

ඔහ්..
එතකොට තමයි ජන්කුක්ට මතක් උනේ ටේහ්‍යුන්ගෙ ටවල් එක තාමත් එයා අතේ කියනෙක.. හිනාවුන ජන්කුක් ඉක්මනින් ඒක ටේහ්‍යුන්ට දුන්නම ආපස්සට තොල් බොක්සි හැඩේට පෙරලගෙන ලස්සනට හිනාවුන ටේහ්‍යුන් දොරත් වහගෙන ඇතුලට පැන්නා..

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now