18✍️

1.9K 381 233
                                    

5 YEARS AGO

තවත් එක ලස්සන දවසක ආරම්භය සනිටුහන් කරමින් හිරු රැස් මිහිතලය සිපගන්න පටන් ගද්දි සෝල් නගරෙන් වැඩියෙන් අහන්න නොලැබෙන විදියෙ කුරුලු හඬවල් එකම එක ගෙදරක මිදුලෙ තිබුන විසල් ගස් වල අතු අතරින් හරි අපූරුවට ඇහෙන්න ගත්තා..

සෝල් කිව්වට නගරෙන් ටිකක් එපිට පිහිටලා තිබුන මේ ගෙදර සැපපහසුකම් අතින් නැති දෙයක් තිබුනෙ නැති තරම්..

ජියෝන් වූබින්,,
මේ විසල් ගෙදර අයිතිකාරයා උනේ වූබින්.. මේ ගෙදර තියෙන හැමදෙයක්ම වූබින් ගොඩනැගුවේ වූබින්ගෙ එකම වස්තුව වෙනුවෙන්..

ඒ ජන්කුක්.. ජියෝන් ජන්කුක් උනු හුරතල් කොලු පැටියා වූබින්ගෙ එකම වස්තුව වෙන්නෙ ජියෝන් හනාගෙ,, ඒ කියන්නෙ ජන්කුක්ගෙ ඔම්මගෙ මරණෙත් එක්ක.. ඔම්මා නැති වෙද්දි ජන්කුක්ට අවුරුදු 2යි.. එදා ඉදන් අවුරුදු 20ක් තරම් ලොකු ඉලන්දාරියෙක් වෙනකන් ජන්කුක්ව ලොකුමහත් කලේ වූබින්..

වූබින් ජන්කුක්ට දුන්නේ සැපපහසුකම් විතරක් නෙවෙයි.. දෙමව්පියො සල්ලි හොයන්න ගෙදරින් පිටවෙද්දි දෙමව්පිය සෙනෙහස අහිමි වෙලා සැප ජීවිතයක් විතරක් ලැබෙන දරුවො අතරින් ජන්කුක් ගොඩක් වාසනාවන්ත උනා.. හනා නැති වුන දවසෙ ඉදන් ඒ ආදරේ අඩුවක් පවා නොදැනෙන තරමට වූබින් ජන්කුක්ට දුන්න ආදරේ අහස උසයි.. ඔම්මා ලග ඉන්න දරුවන්ට පවා ආයා කෙනෙක් ගේන සල්ලිකාර මිනිස්සු අතරෙ ජන්කුක්ගෙ හැම දෙයක්ම වූබින් අතින්ම කරන්න තරම් වූබින් ආදරණීය අප්පා කෙනෙක් උනා..
පුන්චි ජන්කුක් කන්නෙ නැතිකොට වත්ත වටේම තනි අතකින් වඩාගෙන ඇවිදින ගමන් ඒ අතින්ම කෑම දීසියත් අල්ලගෙන අනිත් අතින් ජන්කුක්ට කවන්න වූබින් උනේ ලේසි පහසු මහන්සියක් නෙවෙයි..

ඉතින් ඒ විදියට අප්පගෙ සුලඟිල්ල අල්ලන් ලොකු උන ජන්කුක්ට දැන් අවුරුදු 20ක්. පුන්චි කාලෙ ඉදන් ලැබුන අප්පගෙ ආදරේ හුරතලේ එක්ක ලොකු වුන ජන්කුක් ටිකක් දඟ බෝලයක් උනත් ජන්කුක් කියන්නෙ ඉක්මනින් උණුවෙන හිතක් තියෙන ආදරණීය දරුවෙක්.. වූබින්ට අනුව ලෝකෙන්ම හොඳම පුතා ලැබිලා තිබුනෙ වූබින්ට..

පුන්චි වයසෙ ඉදන් ජන්කුක් හැමදේකටම දක්ශයි.. ඉගෙනගන්න, බාහිර ක්‍රියාකාරකම් වලට, කලාවට වගේ හැමදේකටම ජන්කුක්ට තිබුනෙ උපන් හපන්කමක්.. ඉතින් අහන්න දෙයක්ද !

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now