28✍️

2K 385 291
                                    

හැමදෙයක්ම සිද්ද වෙලා අද වෙද්දි මාස එකහමාරක් ගෙවිලා ගිහින්..

මේ ගෙවිලා ගිය කාලෙදි ජන්කුක් ටේහ්‍යුන්ටත් ටේහ්‍යුන් ජන්කුක්ටත් නැතුවම බැරි තරම් ලං වෙලා හිටියා. ඒ වගේම ඒ දෙන්නා ආදරේ කලා. එදා gunsan ගිහින් ආයෙම සතියකින් සෝල් ආව වූබින්ට ඒ දෙන්නගෙ සම්බන්දෙ ගැන දැනගන්න ලැබුන වෙලාවෙ වූබින්ගෙ මූනෙ තිබුන සතුට ගැන කියන්න වචන නෑ.. ජන්කුක්ගෙ සතුට කොතනද,, වූබින්ගෙ සතුට තියෙන්නෙත් එතන..

ඒත් වූබින් පොරොන්දුවක් ගත්තා.. ටේහ්‍යුන්ගෙන් !!
ජන්කුක් ලඟ තියාගෙනම දෙන්නගෙම ඔලුව එකසැරේම අතගාලා වූබින් ටේහ්‍යුන්ගෙන් ඉල්ලුවේ,,

"කවදහරි මං ජීවත් වෙලා හිටියත් නැතත් මගෙ අහිංසක දරුවව උඹ පරිස්සමෙන් බලාගන්න ඕනි පුතේ. ජන්කුක්ව මං හැදුවෙ මලක් වගේ. බලාගත්තෙ මගෙ ඇහැක් වගේ.. ඉතින් පුතේ පොරොන්දු වෙයන්,, ඒ පුන්චි මල් පොහොට්ටුවට උඹ කවදාවත් කඳුලක් දෙන්නෙ නෑ කියලා"

ඇස් ඇතුලෙ කඳුලු කැට දෙකක් පුරවගෙන වූබින් එහෙම කිව්ව වෙලාවෙ හුරතලේ අප්පගෙ ඔඩොක්කුවෙ මූන ඔබාගෙන හයියෙන් අඩන්න ගත්තේ අහේතුවකම ඒ වචන වලින් ඒ පුන්චි හිත රිදෙන්න ගත්ත නිසා.. ඔම්මා වගේ අප්පත් එයාව දාලා ගියොත් !!
ඒ සිතුවිල්ල අහිංසක හදවත හුඟාක් රිදෙව්වා. හැමවෙලාවකම විහිලුවෙන් ඉන්න වූබින්ගෙන් ඒ පිටවුන හැඟීම්බර වචන ටේහ්‍යුන්ගෙ ඇස් වලටත් කඳුලක් මෝදු කරද්දි ලෝබ නැතුවම වූබින් කලේ ජන්කුක් වගේම දැන් එයාගෙ ලොකු පුතා විදියට එයා පිලිඅරන් ඉන්න ටේහ්‍යුන්වත් එයාගෙ තුරුලට ගන්න එක..

ඒ ආදරණීය මොහොත එහෙම ගෙවිලා යන අතරෙ වූබින් එන්න කලින් තවත් දෙයක් සිද්ද උනා..
.
.
.
.
ටේහ්‍යුන් හිටියෙ තද නින්දෙ.. ටේහ්‍යුන් විතරක් නෙවෙයි ජන්කුක් හිටියෙත් තද නින්දක.. ඔවුන් දෙන්නම ඔවුන්ගෙ ජීව්තේ ලබපු පලවෙනි ලිංගික අත්දැකීමෙන් පස්සේ ජන්කුක් ටේහ්‍යුන්ගෙ පපුව උඩ නිදාගද්දි ඒ හිස ආදරෙන් පිරිමදිමින් හිටපු ටේහ්‍යුන්ටත් නොදැනිම ඒ විදියටම නින්ද ගිහින් තිබුනා..

නිදාගන්න වෙලාවෙ කොහොම හිටියත් දැන් නම් ජන්කුක් හිටියෙ ටේහ්‍යුන්ගෙ අත උඩ ඔලුව තියාගෙන. නින්දෙන්ම පෙරලෙන්න ඇති හුරතලේ මෙට්ටෙ උඩට. ටේහ්‍යුන්ගෙ අත උඩ ඔලුව තියාගෙන හිටපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇගෙන් සම්පූර්ණයෙන්ම වගේ වැහිලා තිබුනෙ ටේහ්‍යුන් හිටියෙ ජන්කුක්ගෙ ඇග උඩින් කකුලක් වගේම අතකුත් දාගෙන පුන්චි එකාව හොදට බදාගෙන නිසා.

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now