10.stupid jungkook

127 35 1
                                    

ජන්කුක් දුවන් ආපු වේගෙට කවුරු හරි ජන්කුක්ව තදින් අල්ලන් බදාගත්තා.ජන්කුක්ගේ අත තදින් මිරිකපු කෙනා දිහා බලන්නත් කලින් අර කලු කිට් සෙට් එක එතනට දුවන් ආවා

"ඔහ් මිස්ට******** තැන්ක්‍යූ අපිට මෙයා බාරදෙන්න" එතන හිටපු එක කෙනෙක් ජන්කුක් ලගට අඩිය තියනවත් එක්කම ජන්කුක්ගේ ඉනෙන් අල්ලන් නොදන්න කෙනා තද කරේ ජන්කුක් ඒ කෙනා දිහා බලද්දී

"අහ්....ඔ..ඔයා??" ජන්කුක් බලාපොරොත්තු උනා එයා...එයාව හොයන් තමයි ජන්කුක් ආවේ

ඒත්..

මෙතන ලොකු විජ්ජුම්බරයක් වෙලා තියෙන්නේ දැන් ජන්කුක්ට ඒක නිසා නම් සමාවක් නෑ

"එයා මාත් එක්ක ආවේ...ඇත්තටම සොරි උන දේට...එයා පොඩ්ඩක් බය වෙලා ඒකයි මට එයාව මග ඇරුනා" කටට ආපු බොරුව කියපු එයා ජන්කුක්ව අල්ලන් තවත් තදකරගත්තා

"අහ්...සොරි සර්....ඇත්තටම අපිටත් මෙයා හැසිරුන විදිහ නිසා සැක හිතුනා ඒකයි..අපි යන්නම්" කලු සෙට් එක ගිහාම ඒ කෙනා ජන්කුක්ව අලු වෙන බැල්මක් දැම්මාම ජන්කුක් තඩි කෙල ගුලියක් ගිල්ලා
.
.
.
.
.
.
.
.
.
.
.
යුන්ගි එක්ක දුවන් එන කොල්ලා දිහා බලන් හිටපු ටේහියුන්ට කෝල් එකක් ආවත් ටේහියුන්ට එයා මොනාද කියන්නේ කියලා අපිට පැහැදිලිව ඇහුනේ නෑ ටේහියුන් මොකක් හරි හදිස්සියක් වගේම තරහකින් ෆෝන් එක සාක්කුවට දාගෙන එතනින් යන්න තමයි ලෑස්ති උනේ

"ඒයි ටෙයියෝ කොහෙද යන්නේ ආ.මේ වගේ චාන්ස් එකක් ටේහියුන් මිස් කරගන්නේ නෑ මම හිතන්නේ" යුන්ගි ඇහැක් ගැහුවම අන්තෙටම තරහා ගිහින් හිටපු ටේහියුන් කටේ කොනක් ඇද කරලා ඇස් ගැස්සුවා

"ඊට වඩා වටින දෙයක් තියෙන්නේ" ටේහියුන් එතනින් ගිහාම යුංගි අතුත් බැදන් තනියෙන් හිනා උනා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
නාදුනන පුද්ගලයා රවපු රැවිල්ලට ජන්කුක් බය උනා කිවොත් ඔව් හරි

"ට්...ටේහියුන්ග්ශි ඔයා" ජන්කුක් ඇස් ලොකු කරන් තඩි කෙලගුලියක් ගිල්ලේ එයා බලාපොරොත්තු උන කොල්ලා හැබැයි බලාපොරොත්තු නොවුන රැවිල්ලක් එක්ක ඉන්නවා දැක්කම

"එනවා යන්න" ටේහියුන් ජන්කුක්ව ඇදන් එතනින් ගියේ කවදාවත් නයිට් ස්ට්‍රීට් රේස් මිස් නොකරන ටේහියුන්ට ජිවිතේ පලවෙනි පාරට රේස් එක මිස් කරවලා
.
.
.
.
.
.
.
.
.
.
.

Champions [completed]Where stories live. Discover now