නවීන පන්නයට තිබුනු මන්දිරය ඉස්සරහා කලු පාට මෝටර් රථය නැවතුනේ අදුරු පැහැති පරිසරය ලා සුළං රැල්ලකින් කැකැරී යනකොට....සීතල සුලං කපාගෙන මෝටර් රථය තුල හිටපු තුන් දෙනෙක් එලියට බැස්සා.
එක්කෙනෙක් ජින්,අනික් කෙනා නැම්ජූන් වෙනකොට හොසෙක් අවසනෙටම බැස්සා.
එකිනෙකා දිහා බලාගත්ත තුන්දෙනා කටකොනින් හිනාවෙනකොට ජින් විශාල පරණ මන්දිරයේ දොර විවෘත කලේ ක්‍රීස් සද්දෙන් දොර ඇරෙනකොට.පරණ මකුලුදැල් ගොන්නක් කඩාගෙන බිමට වැටුනේ ජියෝන් මන්දිරයට ආව අමුත්තන්ව පිලිගන්න.සැඩ සුලගක් එක්ක ගස්වැල් ඇඹරිලා යන තරම් වේගෙන් හුලගක් ආවේ නැම්ජූන් ජින් හොසෙක් තුන්දෙනා අත් වලින් මූනු ආවරණය කරගන්නකොට.ටිකින් ටික ඉස්සරහට ගියපු කොල්ලො තුන්දෙනා ගැස්සිලා ගියේ ලොකුවට තිබ්බ ජියෝන් මන්දිරයේ ප්‍රධාන දොර දඩාස් ගාලා සද්දෙන් වැහිලා ගියපු නිසා.ඒත් එක්කම ආපු හුලග නැතු වුනේ මන්දිරය ඇතුල නිස්කලංක වෙනකොට
ජියෝන් මන්දිරය ගුප්ත වගේම පෞරාණික තැනක්.අදුරු මන්දිරය ඇතුලේ තනි උන කොල්ලො තුන්දෙනාට පොඩි ලමයි තුන්දෙනෙක් භූත ගුහාවකට ගියා වගේ ෆීලින්ග් එකක් දැනෙන්න ඇති.
නැම්ජූන් ඔලුව උස්සලා බැලුවේ ජන්කුක්ගේ ඔම්මගේ photo එකක් දිහා.හැබැයි ඒක මීට කලින් එයාල නිතරම ආගිය කාලේ තිබුනු එකක් නෙවෙයි කියලා නැම්ජූන්ට තේරුණා.කාලයත් එක්ක එතන තිබුනු photo එක දූවිලි වලින් වැහිලා තිබ්බත් පරණ photo එකේ මේ කොනේ ඉදලා අනික් කොනට නැම්ජූන් තමන්ගේ දිග ඇගිලි ගෙනියනකොට නැම්ජූන්ගේ දෑස් විසල් උනේ ඒක විස්වාස කරන්න බෑ කියන්න වගේ.ඒත් ඒ එක්කම නැම්ජූන්ගේ අතින් ඒක අතෑරුනේ හොසෙක් කෑගහගෙන ජින්ගේ ඇගට පනිනකොට.
"මොනාද යකුනේ කරන්නේ?" හොසෙක් කෑගහනවා.හැබැයි ජින් නම් පින්තූරය දිහා කට ඇරගෙන බලන් ඉන්නවා.නැම්ජූන් උනත් තාම පින්තූරය අතේ තියන් ඉන්නවා වගේ ඒ ඇක්ශන් එකෙන්ම වීදුරු බිදුනු රාමු කරපු පින්තූරය දිහා කට ඇරගෙන බලාගෙන.
"ම්...මේ ඉන්නේ මිසිස් ජියෝන්ද?" ජින් අහනකොට ජින්ගේ කර උඩ හිටපු හොසෙක් බිමට පැන්නා.මහ ලොකු පොලිස් ඔෆිසර්.
YOU ARE READING
Champions [completed]
Acakදැකපු හැමදේම හීනයක් නම්?? එකතුවෙන්න මාත් එක්ක මේ ඔවුන්ගේ කතාවයි. Started date-2022.12.06 Ended date-2023.10.16