ජන්කුක් හවස තුන විතර වෙනකොට ටේහියුන් හම්බෙන්න වෙල්වට් කැෆේ එක පැත්තට ගෑටුවත් තාමත් ටේහියුන් නෑවිත් ඉන්න එක ගැන ජන්කුක්ට තිබුනේ පුදුමයක්,සංකීර්ණ විදිහට ටේහියුන්ට පැහැදිලිකිරීමක් කරන්න ආව ජන්කුක් හිටියේ වෙනම සිහියකින්,ජන්කුක්ට අද ප්‍රශ්න ගොඩක් තියෙනවා මොකද අද තමයි එයාගේ ජීවිතේ වෙබස් වෙන දවස,හහ් ටේහියුන් නිසා කියලද හිතන්නේ,කොහෙත්ම නෑ
ඒත් එක්කම වගේ ජන්කුක්ගේ ෆෝන් එක රින්ග් උනේ ජන්කුක් කිසිම කලබලයක් නැතුව කැෆේ එකේ මුල්ලෙම තිබුනු ටේබල් එකේ ඉදගන්නකොටම තමයි,ඇස් දෙක රෝල් කරපු ජන්කුක් කෝල් අයිඩී එක දැකලා සුසුමක් හෙලුවා,
"හෙලෝව්" ජන්කුක් ටිකක් සාමකාමීව තමයි කතා කලේ,ඒත් අමතක කරන්න එපා
කුණාටුවකට කලින් මුලු පරිසරයම නිහඩයි,
"හෙලෝව් බ්ලැක් කිටී, පොඩි ප්‍රශ්නයක් වෙලා!" කෝල් එකේ හිටපු කෙනා කියනකොට ජන්කුක්ට ඉබේම නැගිට්ටුනා,
"ම්...මොකක්ද උනේ?" ජන්කුක්ගේ කටහඩ තද උනත් ඒක පොඩ්ඩක් ගැස්සෙමක් තිබ්බා කියලා සහතික වෙන්න පුලුවන්
"බ්ලැක් කිටීගේ අප්පගේ මරණේ දවසේ එයා ලග අන්තිමේට හිටපු කෙනා චෝයි මින්දෝ,එයාට පුතෙක් ඉන්නවානේ" ඒත් එක්ක ජන්කුක්ගේ ඇස් ගැස්සිලා ගියේ 'එකපාර මොකක්ද මේ කඩාපාත් උනේ' වගේ සීන් එකකින්
"මොකක්....ඒ නාකියට පුතෙකුත් ඉන්නවද?"
"ම්ම්ම් ඔව් ආරංචි හැටියටනම් ඔය මනුස්සයා මුලින්ම බැදලා තියෙන්නේ මිස්ට කිම්ගේ නෝනා,කිම්ගේ ආන්තරාවෙන් පස්සේ මේ මනුස්සයා කොහොම හරි කිම්ගේ නෝනව දැලේ දාගෙන හැබැයි එයා දැනට අවුරුදු 5කට කලින් හාට් ඇටෑක් එකකින් නැතිවෙලා,ඉතින් මිස්ට කිම්ගේ පුතා තාමත් හැදෙන්නේ චෝයි ලගලු,මට ආරංචි උනේ එහෙම"
"ඒ කියන්නේ මිස්ට කිම්ගේ පුතේගේ ස්ටෙප් ෆාදර් ද චෝයි" ජන්කුක් ඇහිබැමක් ඉස්සුවේ කලකිරීමෙන්
"ඔව් කිටී,ඇයි අවුලක්ද?" ඒ මනුස්සයා බිරාන්තට්ට වෙලා ඇහුවම ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවා,
"නෑ නෑ එහෙම එකක් නෙවෙයි එතකොට මිසිස් කිම් මැරුනනම් දැන් ඉන්නේ කවුද?" ජන්කුක්ට ඒක අදාල නැති උනත් ජන්කුක් ඒවට හොට දාන්න පොඩ්ඩක් පෙලබුනා
YOU ARE READING
Champions [completed]
Randomදැකපු හැමදේම හීනයක් නම්?? එකතුවෙන්න මාත් එක්ක මේ ඔවුන්ගේ කතාවයි. Started date-2022.12.06 Ended date-2023.10.16