ආලෝක කදම්බයක් මැද්දේ වෙල්වට් සමනලයෙක් පස්සේ දුවන ජන්කුක් හිටුයේ කියාගන්න බැරි තරම් සතුටකින්.පුදුම විදිහට ජන්කුක්ට නිදහසක් දැනෙනකොට සමනලයා එක්කම කොහෙදෝ යන්න ලෑස්ති උන ජන්කුක්ගේ අතින් ආලෝක කිරනක් ඇවිත් ඇගිලි පටලෝ ගත්තේ දරාගන්න බැරි එලියකින් ජන්කුක් මොකක් හරි දිගේ ඇදිලා එනකොට.
ආව වේගෙට කොල්ලා ගැස්සිලා ගියා!!
Back to present
"ටේහියුන්ග්ග්ග්ග්ග්ග්ග්!!!! ජන්කුක්ට සිහිය ආවාආආආ"
ජිමින් මහා හයියෙන් බෙරිහන් දුන්නේ තාමත් ජන්කුක් බයවෙලා ජිමින් දිහා බලන් ඉන්නකොට,මේ සද්දෙට ඩොක්ට එක්ක කතා කර කර හිටපු ටේහියුන්ග් ඩොක්ටවත් තල්ලු කරන් රූම් එකට දිව්වේ ඩොක්ට බොහොම අමාරුවෙන් හොස්පිට්ල් එකේ කනුවකට බරවෙලා බැලන්ස් වෙනකොට,
අද කාලේ හැදෙන ලමයින්ට තියෙන්නේ පුදුම තදියමක්!!!
ටේහියුන්ග් කඩාගෙන බිදගෙන ආවත් ජන්කුක් මොකුත් නොකිය ඇස් ලොකු කරන් ඉන්නකොට ඩොක්ට බයවෙලා දුවන් ඇවිත් ටේහියුන්ග්ව තල්ලු කරලා ජන්කුක්ගේ මූනට එබුනේ රැවේන්ජ් එක ගන්න වගේ උනාට ඒකෙන් උනේ නම් ටේහියුන්ග්ව තරහා ගස්සපු එක,
"හොලෝව් මිස්ට ජියෝන්...කැන් යූ හියර් මී"
මේ වෙන විගඩම් දිහා බලන් බයවෙලා ඉන්න ජන්කුක්ගේ මූන ඉස්සර අතවනන ගමන් ඩොක්ට කතා කරනකොට ජන්කුක් කම්මුල් පුම්බන් ඇස් ලොකු කරන් ඔලුව වැනුවේ සිහියත් අසිහියත් අතර,
මයේ හිතේ අර සමනලයා කොලුවට වසියවත් කොරලද මන්දා!!
"ඒයි අයින් වෙනවා!! මට මගේ කොල්ලා එක්ක කතා කරන්න ඕනේ"
"හයියූ ටේහියුන්ග් මොකද අනේ මේ!!! ඒ ලමයට සිහිය ආවා විතරයිනේ තාම"
ටේහියුන්ග් ඩොක්ටව තල්ලු කරලා රැව්වම ජිමින් ඔලුවේ අත ගහගත්තා,ඇත්තටම අවුරුදු පහකට කලින් වගේම ටේහියුන්ගේ ලූස් වැඩ නිසා අහිංසක රෝස මලනේ අප්පා තැලෙන්නේ!! හුම්ම්
"ජන්කූ....මැණිකේ...හියුන්ගී දිහා බලන්න සුදූ"
ජන්කුක් ඒත් එක්කම ටේහියුන්ග් දිහත් ටිකක් බයවෙලා බලන් ඉදලා එකපාරටම ඇස් වහගත්තේ ඩොක්ට ටේහියුන්ග්ව ආපහු තල්ලු කරනකොට,
YOU ARE READING
Champions [completed]
Randomදැකපු හැමදේම හීනයක් නම්?? එකතුවෙන්න මාත් එක්ක මේ ඔවුන්ගේ කතාවයි. Started date-2022.12.06 Ended date-2023.10.16