18. mamamini

72 17 0
                                    

flash back

ජන්කුක් හිටියේ ටිකක් පාලු උනත් අතෑරලදාපු බිල්ඩින් එකක කෙලවරේ.මාස්ක් එකක් දාගෙන හිටපු ඔහු ඉස්සරහා පේන අතෑරල දාපු බිල්ඩින් එක දිහා බලන් හිටියා.ඒක හරිම සන්සුන් තියුනු බැල්මක්.ජන්කුක් තමන්ගේ අතේ ඇගිලි අරන් නලල පිරිමැද්දේ මොකක් හරි අවුලක් උනාද කියලා හිතන ගමන්.

ටිකක් වෙලා එහෙමම හිටපු ජන්කුක් ඔහේ ඉස්සරහට ඇවිදගෙන ගියේ අතේ තිබුනු පොල්ලකුත් කරකව කරකව.ජන්කුක්ගේ මේ හැසීරිම සාමාන්‍යයෙන් දකින කෙනෙක්ට සාමාන්‍ය උනත් මම දන්නවා ජන්කුක්ගේ මේ හැසීරිම ඇත්තටම අසාමාන්‍ය එකක්.ජන්කුක්ගේ ඒ පපී ඇස් හැගීමක් නැතුවම පිල්ලම් ගහනකොට ඒ හුරතල් පුන්චි කට අග සෙල්ලංකාර හිනාවක් තිබුනා.

බූට් සපත්තු දෙකක් පැලදගෙන හිටපු ජන්කුක්ගේ ශක්තිමත් කලවා සහිත කකුල් වේගවත් පියවර තබමින් බිල්ඩින් එක ඇතුලට වේගෙන් වේගෙන් ඇවිදගෙන ගියේ අතේ තිබුනු පොල්ල තව තවත් කරකවන ගමන්.

මම ආපහු කියන්නම් මේ ඉන්නේ ඔයාලා අදුරන ජන්කුක් නෙවෙයි !

ජන්කුක් පරණ ගබඩාවක් වගේ තැනක දොරක් ඇරියේ අතේ තිබ්බ පොල්ල තව ටිකක් තද කරගෙන.ලාවට ඇරුන දොරට පයින් පාරක් දීලා ඇතුලට පැනලා ඒ කාමරේ තිබුනු අල්මාරියක් වගේ එකක් ඇරලා ඒකේ තිබුනු ඔක්කොම එලියට ඇදලා දාපු ජන්කුක් අවසානෙට එතන තිබුනු රෙදි ගොඩ පැත්තකට විසික් කරල දැම්මේ කකුලෙනුත් සමහර බඩු තල්ලු කරලා.ඔක්කොම අයින් කරලා අල්මාරිය ඇතුලේ තුබුනු තිර රෙද්ද මෙහාට කරලා තවත් දොරක් ජන්කුක් හොයාගත්තා.

ජන්කුක් කරන දේවල් ඔක්කොම පලපුරුද්දෙන් කරන දේවල් උනා.අතේ ඇගිලි මාරුවෙන් මාරුවට පොල්ල කරකනකොට ජන්කුක් ඒ දොරටත් කකුලෙන් පාරක් ගැහුවේ බාගෙට ගැලවිලා තිබුනු උලුවස්ස සම්පූර්ණයෙන්ම ගැලවිලා බිමට වැටෙනකොට.ජන්කුක් ඩොන්ට් කෙයා ලුක් එකකින් ඇතුලට යනකොට එයාට ඇහුන පලවෙනි සද්දේ,

"අනේ...එපාආආආආආඅ....එයාව අත අරින්න"

ඒ කටහඩට ජන්කුක් ගැස්සුනා.ජන්කුක්ගේ ඇස් වල එකපාරටම වගේ හැගීමක් පිරිලා ඉතිරිලා යනකොට ජන්කුක් වේගෙන් ඇතුලට දිව්වේ ඒ එන සද්දේ එන්න එන්නම වැඩි වෙනකොට

Champions [completed]Where stories live. Discover now