ටේහියුන් හිටියේ කොරිඩෝ එක දිගේ ඇවිදගෙන එන ගමන්....ටේහියුන් හැම තිස්සෙම දෙයක් කල්පනාකලා....ජන්කුක්....ඇයි ටේහියුන් මෙච්චර ජන්කුක් ගැන උනන්දු.....ඇත්තටම ටේහියුන් තමුන් මොනාද මේ හිතන්නේ...පිස්සුද ආ
"ප්‍රොෆෙසර්" ටේහියුන් ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ආපු කටහඩට
"ඉයුන්වා...ඔයා" ඉයුන්වා දිහා බයවෙලා බලන් හිටපු ටේහියුන් ජන්කුක්ගේ සිහියෙන් මිදුනා
මතකනේ ඉයුන්වා...මම introduce එකේදි මෙයා ගැන කීවා
"ප්‍රොෆෙසර්....අර ජ්....ජන්කුක්" ඉයුන්වාට තිබ්බේ කොලපාට ඇස් දෙකක් ඒවා එකපාරට නිල් පාටට හැරුනම ටේහියුන් තවත් බය උනා
"එයාගේ ස්...ස්ටැෆ් එක ත්...තෝරනවා ඊලගට....මොකක් හරි අවුලක් වගේයි....ප්‍රොෆෙසර් ජිමින් ඔයාව හැමතැනම හෙව්වා...."
"මොකා....ඔයාට පිස්සු හැදීගෙනද එන්නේ මනුස්සයෝ...ආ සොරි.....මනුස්සයෙක් නෙවෙයිනේ...මොකක් හරි.....ඔයා කියන්නේ එයාගේ ස්ටැෆ් එකේ ප්‍රශ්නයක් කියලද"
"දැන් ඒක මමද දන්නේ ප්‍රොෆෙසර්"
"ඇත්තමයි....තමුසෙගේ කතා කියවලා මටත් පිස්සු වගේ දැන්....ඔහේ කොහොමද දැන් ඕක දන්නේ"
"අලුත් පන්තියේ ශිෂ්‍යයින් අදුරු දොරකඩට එක්කන් එන්න දුන්නේ මටනේ ප්‍රොෆෙසර්"
"හරි...හරි....යමු ඉක්මනින්...මම නැතුව කොහොමද මේ පිටසක්වලයෝ ටික මේක පටන්ගත්තේ...ඒක නෙවෙයි....අද හවස කවුන්සිල් එකට ඔයත් එන්න"
"ඒත් මම...."
"ඒත් මේත් නෙවෙයි....එනවා...මගේ යකා අවුස්සන්නැතුව"
"හ්...හරි ඉතින්"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
."පොඩ්ඩක් ඔහොම ඉන්න" එකපාරටම ජන්කුක් ගැස්සිලා ගියේ යකඩ දොර මහා හයියෙන් ඇරන් ඇතුලට ආපු ටේහියුන් නිසා
සුදුපාට හමක් තියෙන මලානික තරුණයෙක් නිල් පාට කඩුවක් අරන් අලුත් ලමයි ඉස්සරහා හිටන් ඉද්දී ජන්කුක් ඒ අතරේ ඉන්නවා ටේහියුන්ගෙ තියුනු ඇස් වලට අහු උනා...ජින්,ජිමින්,හෝප් වගේම ටිකක් උස තවත් තරුනයෙක් සුදුමැලි තරුනයා ඉදිරියෙන් හිටගෙන හිටියා.කහපාට බල්බ් වලින් ආලෝකමත් උන විශාල ශාලාව ටේහියුන් දොර ඇරපු පාරට තාමත් දෝංකාර දෙද්දී හැමෝම දැක්කේ ටේහියුන් පිටිපස්සෙන් එන ඉයුන්හා.ඉයුන්හා අතින් කලබල වෙන්නෙපා ටේහියුන්ට ප්‍රශ්නයක් නෑ කියද්දි ජින් ලොකු හුස්මක් පිට කලා
YOU ARE READING
The Magical Real Estate 🔞
Fantasyආදරණීය මායාවට පෙමින්, උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට, ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ, ප්‍රේමවෘතාන්තය...! top kook 🔞