"කුක්....ඕක නවත්තනවා"ඒත් එකපාරටම ජන්කුක්ගේ කම්මුල හරහා වේගවත් පාරක් වැදුනේ රතුවෙලා තිබ්බ ජන්කුක්ගේ ඇස් එකපාරටම ගැස්මකින් යථාතත්වයට පත්වෙනකොට.අර ආව ආලෝකේ ඒ එක්කම එකපාරටම අතුරුදහන් වෙලා ගියා
"ආහ්...මගේ ඔලුව"
ජන්කුක් ටේහියුන්ගේ ඇග උඩින් නැගිටලා අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්තා.තද ඔලුවේ කැක්කුමක් එක්ක ජන්කුක්ට කැරකිල්ලක් වගේ ආවේ ටේහියුන් නැගිටලා ජන්කුක්ගේ අත් දෙක අල්ලගත්තා.
"කුක්...කුක්...මොකද උනේ?"
"ආහ්...හියුන්....මගේ ඔලුව...ම්ම්හ්"
ජන්කුක් ඔලුව අල්ලගෙන කෑගැහුවේ ටේහියුන් එයාගේ ඇගිලි ජන්කුක්ගේ කෙස් ගස් අතරින් යවනකොට.
"අහ්......හෙන ගැහුවා වගේ යකෝ"
ජන්කුක් කියන ඒවට ටේහියුන්ට හිනා.ඒත් ඉතින් ටේහියුන්ගේ කම්මුල් පාර නිසා මෙහෙම නැවතුන එකත් හොදයි.කොහොමින් හරි ජන්කුක්ගේ ඔලුවේ අමාරුව එන්න එන්නම වැඩි උනා.
"කුක්...අපි ජින් හියුන් ලගට යමුද? එයා ලග බෙහෙතක් තියෙන්න පුලුවන්"
"අනේහ්....මගේ ඔලුව"
ජන්කුක් මේපල් ගහට හේත්තු උනේ ටේහියුන් පැත්තක තිබ්බ ශර්ට් එක අරන් ඇදගන්නකොට.මේ වෙනකොට ටේහියුන්ගේ තොල් පැලිලා තිබ්බා වගේම බෙල්ලේ හයික්ස් පවා තිබ්බා.
"කෝ නැගිටින්න...යමු"
ටේහියුන් බොහොම අමාරුවෙන් ජන්කුක්ව තමන්ට වාරු කරගෙන නැගිට්ටේ ජන්කුක්ගේ බරට ටේහියුන් ඇදගෙන වැටෙන්න යන එක බොහොම අමාරුවෙන් නවත්තගෙන.
කොහොම කොහොම හරි ටේහියුන් ජන්කුක්ව ජින් ගාවට එක්කගෙන යනකොට රෑ එකොළහට විතර ඇති.ජින්ගේ කාමරේ ලගට ගිහින් ටේහියුන් දොරට තට්ටු කරගෙන කරගෙන ගියේ ජින් ඇතුලේ ඉදලා කෑගනකොට
"කවුද යකෝ මහ රෑ දොරවල් කඩන්න යන්නේ"
"හියුන් මම ටේහියුන් කිය කිය ඉන්න වෙලා නෑ ඉක්මනින් දොර අරින්න හදිස්සියක්"
"මොකා? හදිස්සියක්! පොඩ්ඩක් ඉන්න"
ජින් ඉක්මනින් දොර ඇරියම ටේහියුන්ගේ ඇගට හේත්තුවෙලා හිටපු ජන්කුක් ඒත් එක්කම ඇදගෙන බිම වැටුනේ ජින් බයෙන් ටේහියුන්ගේ මූන දිහා බලනකොට
YOU ARE READING
The Magical Real Estate 🔞
Fantasyආදරණීය මායාවට පෙමින්, උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට, ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ, ප්‍රේමවෘතාන්තය...! top kook 🔞