rude passion (part 17)

160 21 14
                                    

ලාවට ඉර බැහැගෙන එනකොට ස්කූල් යුනිෆෝම් එකකින් කාමරයක් අස්සේ ඉදලා එලියට පැනපු ජන්කුක් මොනාද මන්දා තඩි පොතක් බදාගෙන කෙලින්ම ගියේ ලයිබ්‍රි එකට,ඇයි ඉතින් නැත්තන් අර ටේහියුන්ග් කියන මහා ලොකු පණ්ඩිත මහත්තයාගෙන් හොදට දෙකක් අහගන්න වෙනවනේ,

" gather round now look at me
Respect the love the only way"

හැමදාම වගේ මියුසික් එක්කම ගෙවෙන ජන්කුකගේ ජීවිතේ හරි ඉක්මනින් කාලේ ගෙවෙන,නිදහස් එකක් උනා,ලයිබෘ එක ලොක් කරලා තියෙන්නේ එලියෙන් කියලා දැක්කම පුදුම උන ජන්කුක් ඉක්මනින් ඇතුලට රිංගගත්තා,

ම්ම් කුකුලට හදිස්සි වගේ!

"හියුන්ගී!"

කට්ට කලුවරේ තිබ්බ ලයිබ්‍රි එක අස්සට ආව ජන්කුක් ලයිට් එකක් දැම්මේ ටේහියුන්ග්ව හොයන ගමන්,ඇයි ඉතින් ඉස්කෝලේ උන් ඔක්කොම ගියාම ජන්කුක්ගේ තට්ට තනියට ඉන්න එකෙක් නෑනේ,ඒකත් ලයිබ්‍රි එක වහලා ලයිබ්‍රේරියන් ගිහින් දැන් පැයක් වෙනවා,

"කුක්! ආහ්~"

ටේහියුන්ගේ සද්දෙට ගැස්සුන ජන්කුක්ගේ ඇස් ඉක්මනින් ටේහියුන්ග්ව හොයන්න ගත්තත් ජන්කුක්ගේ ඇස් ගැටුනේ පුටුවක් උඩ ඉදන් ඉන්න ටේහියුන්ග්,පොඩ්ඩක් ඉන්න..

මෙතන මොකක් හරි වෙලා තියෙනවා..

"හ්...හියුන්ගී.....දෙයියනේ!!"

පුටුවේ බැදලා දාලා,ඔව් බැදලා දාලා හිටපු ටේහියුන්ග් ලගට දුවන් ගියපු ජන්කුක් ඉක්මනින් ඉක්මනින් ලනු ලෙහුවේ ටේහියුන්ගේ පණ නැති ඇග ඒ එක්කම ජන්කුක්ගේ ඇගට කඩන් වැටෙනකොට,

"ම්...මැණිකේ....මොකද උනේ"

ටේහියුන්ගේ මූනට තට්ටු කරනකොට ජන්කුක් දිහා මලානික විදිහට බලපු ටේහියුන්ග් ජන්කුක්ව බදාගත්තේ ගැහෙන අත් වලින්,ටේහියුන්ග් ඉකි ගහන්න ගන්නකොට ජන්කුක් ලොකු ඇස් වලින් මුකුත් නොකිය බලන් හිටියේ ටේහියුන්ගේ සිනිදු කම්මුල් තෙත් කරමින් පල්ලම් බහින ඒ කදුලු කැට දිහා,

"ආ....මම පව් කාරයෙක් දෙයියනේ!"

ටේහියුන්ග් කෑගගහා අඩන්න ගන්නකොට ජන්කුක් ටේහියුන්ග්ව තව තද කරගත්තේ ටේහියුන්ග් කදුලු අතරින් ජන්කුක්ගේ උනුහුමට ගුලිවෙබකොට,

The Magical Real Estate 🔞Where stories live. Discover now