"මිස්ට යුන්ගි,ඇත්තටම මම කැමතී ඔයා මේකට මොකක් හරි කරනවනම්,මොකද ඔය ජන්කුක් කියන කොල්ලා මට විස්වාස නෑ "
ඇදක් උඩ ඉදන් ඉන්න වයස පාට මනුස්සයා යුන්ගි දිහා අමනාපෙන් වගේ බලනගමන් කීවේ යුන්ගිවත් අන්දමන්ද කරලා,
"ඒත් සැම් මාස්ටර්...එයා තමයි උරුමක්කාරයා"
ඔව්! එතන හිටියේ සැම් මාස්ට,එයා බලන්න තමයි යුන්ගි මේ ඇවිත් ඉන්නේ...මතකනේ ජන්කුක් සැම් මාස්ට ආව දවසෙම විගඩමක් නැටුවා,අන්න ඒ නිසායි මේ මනුස්සයා මේ මාස දෙකක් තිස්සේ ඉස්පිරිතාලයක් අස්සේ ලැගගෙන ඉන්නේ,
ඇත්තටම ඒ මනුස්සයා කියන එකෙත් වෙනසක් නෑ,තමන්ගේ බලයත් උදුරගෙන,ඇදට වැටෙන්නම පහර දීලා,තව ආපහු බලය දෙන්නම බැ කියන මේ කොහෙන්දෝ ආව කොලුවට සැම් මාස්ටර් කොහොමද සැලෙන්නේ??
ඒකත් අවුරුදු 100ක් හැන්ග්වෙස්ට් වල අයිතිය රැකගත්ත සැම් මාස්ට කොහොමද මෙහෙම එකපාරට කඩා වැඩිච්ච පොඩි ඇච්චෙක්ට චෝයි උතුමානන්ගේ හියුංහැං කඩුව බාර දෙන්නේ,
ඌට ඒක උරුම උනත් නැතත් ඒක එහෙම කරන්න බෑනේ!
"උරුමක්කාරයා කියලා ඔය කඩුව එහෙම දෙන්න බෑ මිනිහෝ!"
"ඒත්- සමාවෙන්න මාස්ට දැබ් ඒ කඩුව ඉල්ලගන්න එකනම් අමාරු වැඩක්"
"මොකක් නමුත් ඒ පොඩි එකා හිතන් ඉන්නේ මම යොන්ශික් කියලා,ඇත්තටම මගේ පෙනුම ඒ මිනිහගේ වගේ උනේ කොහොමද කියලයි මම මේ කල්පනා කලේ"
"ඇත්තටම මාස්ට එදා මාත් මුලින් හිතුවේ ඔයා යොන්ශික් කියලා,ඒත් මාස්ට කියලා අදුරගත්තේ අර චේන් එකෙන්"
යුන්ගි ඔලුවත් කස කස කියනකොට සැම් මාස්ටට ලාවට හිනා ගියා,
"ඇත්ත....යොන්ශික් මගේ මල්ලි උන නිසානේ මේ ඔක්කොම"
"මම කියන්නේ දොන්ශික් අංකල් ඔයා මීට වඩා පරිස්සමෙන් ඉන්න ඕනේ,ජන්කුක් මෙහාටත් කඩාවදීද දන්නෑ"
"ම්ම්ම් ඒකගේ විසේ හැටියට කියන්නත් බෑ ඉතින්,අම්මෝ මම එච්චරයි විහිලුවක් කරන්න ගියේ,ඒත් කොල්ලට මොකක් හරි සම්බන්ධයක් යොන්ශික් එක්ක තිබිලා තියෙනවා වගේ,ඒකනේ යොන්ශික් කියාගෙන කෑගහගෙන ඇගට පැන්නේ"
YOU ARE READING
The Magical Real Estate 🔞
Fantasyආදරණීය මායාවට පෙමින්, උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට, ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ, ප්‍රේමවෘතාන්තය...! top kook 🔞