"ම්..මේක ව්-වෙන්න බ්-බෑ ක්..කවුද ඔයා" නැම්ජූන් අහද්දී ජන්කුක් නැම්ජූන් දිහා බෙල්ල ඇද කරන් බැලුවා
"ජ්-ජන්කුක් ඔයා බැරිවෙලාවත් අමාවක දවසක ඉප- නෑ ඒත් ඔයා මනුස්සයෙක්නේ කොහොමද එහෙම වෙන්නේ" ජිමින් කියද්දී ජන්කුක් කෙලින්ම හැරුනේ ටේහියුන්ගේ පැත්තට
"හියුන්" ජන්කුක් ටේහියුන්ට ප්‍රොෆෙසර් නොකිය හියුන් කීවත් නිරායාසයෙන් ටේහියුන් පිලිතුරක් දුන්නාම අනික් අයටත් ඒක ප්‍රශ්නයක් උනත් යුන්ගිට නම් මොකුත් ප්‍රශ්නයක් කියලා පෙනුන මූනක් තිබුනේ නෑ
"ආ"
"ඔයා....ඔයා ඇයි මට මොකුත් නොකීවේ" ජන්කුක් අහද්දී ටේහියුන් නිසොල්මන් උනා
"සමාවෙන්න ජන්කුක් මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ...අනික...අනික...ඔයා මනුස්සයෙක් මෙහෙම මොකුත් වෙන්න විදිහක්...ඒ අසිපත ඔයාට- එතකොට මම-"
"හියුන් මාත් එක්ක යමු එන්න" ජන්කුක් ටේහියුන්ගේ වලලුකර තදින් මිරිකලා අල්ලගෙන ටේහියුන් ඇදගෙන ගියේ යුන්ගි ඒ දිහා බලන් ඉද්දී
"ජන්කුක් නවතිනවා.....මොකක්ද මෙතන වෙන්නේ ආ?" ජින්ගේ හඩින් ටේහියුන් ගැස්සුනත් ජන්කුක්ගේ ඇස් කවදාවත් නැතුව කේන්තියෙන් රතුවෙලා තිබ්බා.ජින්ට උනත් ඒ ඇස් ඇතුලෙන් අමුතු හැගීමක් දැනෙද්දි යුන්ගි හිසින් සන් කලේ ටේහියුන්ට ජන්කුක්ව එතනින් එක්කන් යන්න කියලා..මොකද ජන්කුක් මොන විදිහේ නාඩගමක් නටයිද කියලා යුන්ගිටත් ලොකු ප්‍රශ්නයක් උනා
"ඇයි ඔයා එයාලව යැව්වේ" ජිමින් යුන්ගි පැත්ත හැරෙද්දි යුන්ගි කලේ නිසොල්මන්ව ඉදන් ලාවට හිනාවෙන එක
"ඒක එයාලාගේ අයිතිය මෙච්චර ප්‍රශ්නයක් වෙලා ඔයාට ඒකද වැදගත් මිනී" යුන්ගි සන්සුන්තාව ඇහුවත් ජිමින් වගේම අනිත් අයත් දැක්කා ඒ ඇස් ගැස්සෙනවා
"ඇත්තටම...එහෙම වෙන්න පුලුවන්ද...ටේහියුන් අමාවක දවසක ඉපදිලත් එයාට අයිති නොවුන කඩුව කොහොමද ජන්කුක්ට අයිතිවෙන්නේ...අනික අනික.....එයා දැකපු දේවල්...නැ එයා නිකමටවත් නිකන් මනුස්සයෙක් නම් වෙන්න බ්-" ජිමින් කියාගෙන කියාගෙන යද්දී යුන්ගි හිනා උනා.ඇත්තටම ඒක සමච්චලයට වගේ උන හිනාවක්
YOU ARE READING
The Magical Real Estate 🔞
Fantasyආදරණීය මායාවට පෙමින්, උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට, ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ, ප්‍රේමවෘතාන්තය...! top kook 🔞