the note book (part 14)

162 22 5
                                    

"හච්චෝංංංංංංංංංංංං"
.
.
.
.
.
.
.
.
.
.
.

ඔව් ඒ ජන්කුක් එයා මහා හයියෙන් කිවිසුවමක් යැව්වේ පාවෙලා ආපු කොලේ තිබුනු මායා කුඩු ජන්කුක්ගේ නහයට පියෑබුවා අන්න ඒ නිසා තමයි එයාට ඔය මුලු බිල්ඩිං එකම හෙල්ලුවේ

හැබැයි ඒ සද්දෙන් බිල්ඩින් එකේ ඔක්කොමලා පන්තිකාමර වලින් එලිට ආවා,මායා කුඩු ජන්කුක්ගේ නහය දිගේ උඩටම ගිය නිසා නොනවත්වාම ජන්කුක්ට කිවිසුම් යන්න පටන් අරන් තිබ්බේ ඉයුන්වා කට ඇරගෙන තවත් බලාගෙන ඉන්නකොට,

"ආආආආආආ....කවුද මේ අසමජ්ජාති වැඩේ කරපු පාහරයා"

ජන්කුක්ගේ කටින් හොද වචන ටිකක් තව පිටවෙන්න කලින් ඉක්මනින් දුවගෙන ආවා ඉයුන්වා ජන්කුක්ගේ මූනේ ඇලිලා තිබුනු කොලේ අල්ලගත්තා,ඉයුන්වා පුදුම උනේ ඒකට නෙවෙයි,මායා කුඩු ගෑවුන කොලේ ජන්කුක් ලග හරි ලස්සනට සන්සුන් උන එකට,තොරක් නැතිව වටේ පියාබපු කොලේ ජන්කුක්ගේ මූනේ ඇලුනේ ඒකයි,

"සො...සොරි කුක් ඇත්තටම මේ මේ...ප්‍රොෆෙසර් ජිමින්ශිගේ බෑග් එකේ තිබුන මායා කුඩු නිසයි හැමදේම"

ඉයුන්වා යටහත් පහත්ව කතා කලා,මොකද ජන්කුක් කොච්චර මල විකාර දෙකේ පහේ වැඩ කලත් ජියොන් ජන්කුක් කියලා කියන්නේ හැන්ග්වෙස්ට් ඇතුලේ ඉන්න බලසම්පන්නම කෙනා,

"අහ් ඒකට කමන්නෑ ඉයූ...හැබැයි මගේ නහයට නම් මොකක්ද උනා"

නහය උඩට අදින ගමන් ඇස් වලින් ආපු කදුලු ටික පිස්ස ජන්කුක් නෝක්කාඩුවට හිනා උනා,ඒ එක්කම එතනට දුවගෙන ආවේ ජින්,

"ඔහ් මයි ගෝඩ්! මොකාද ඒ බිල්ඩින් එකම බිමට හෙලන්න තරම් හයියෙන් කෑ ගැහුවේ"

අපේ ජින් නොහොත් ඉස්කොලේ විනයබාර තුමා බෙරිහන් දෙනකොට අඩුවට හිටපු පන්තිවලත් ලමයි එලියට ආවේ ප්‍රොෆෙසර්ලත් එක්කම,

"ආආආආඅ ජියොන් ජන්කුක් මේ පාර නම් තමුසේට ගැලවීමක් නෑ!"

පැනපු ගමන් කාපි යකා කියලා ජන්කුක්ගේ ඇගට කඩා පැනපු ජින් ඒ වෙනකොටත් විසිවෙලා ගියා,කැහැක්,මේකයි ඇත්තටම උනේ,ඔය ජින් කියන ඔලුව ලොකු මනුස්සයාගේ උන බම්බු ඇග ජන්කුක්ගේ එක අතක පාරට විසික් උනා,ජන්කුක් ආරක්ෂාවට අතක් ඉස්සරහට කලත් ඒ අතේම පවර් එකට ජින් විසි උනාම ජන්කුක්ට තරු පෙනුනා,

The Magical Real Estate 🔞Where stories live. Discover now