අදුරු ගුහාව එක්ක ඈතින් පෙරිලා එන එලියත් එක්ක කටකොනකින් හිනවක් එක්ක ඇතුලට ආව කෙනා දිහා ජේහන් ඇස් හීනි කරන් බලාගෙන හිටියා,
"ඉතින් යොන්ශික්?? කොහොමද විස්තර??"
"ඔබතුමාට කියන්න සතුටු හිතෙන ආරන්චියකුත් තියෙනවා,ඒත්-"
"ඉස්සෙල්ලම සතුටු එක කියනවකෝ"
ජේහන් යොන්ශික්ගේ පෙනුමෙන් තිබ්බ කලහකාරී පෙනුමත් එක්ක ටිකක් පසුබහිනකොට යොන්ශික් මවාගත්ත හිනාවක් ජේහන්ට දුන්නා,
"අදුරු ආත්ම එක්ක ජියෝන්ගේ කොල්ලාගේ ආත්ම දෙකක් හිරවෙලා තියෙනවා"
"අහන්නත් සතුටුයිනේ!!"
ජේහන්ගේ හිනාවත් එක්ක මුලු අදුරු පරිසරයම හෙල්ලිලා යනකොට යොන්ශික් බලාගෙන හිටියේ අනික් කාරනාව කියන්න,
ඒත් එයා ජේහන් කියන්නේ කවුද කියලා හොදටම දන්නවා,අවුරුදු ගානක් ජියෝන් ලේ වලට වෛරකරපු එකම මනුස්සයා කොහොමද මේ ආරන්චිය එක්ක ඉස්සරහට කරන දේවල් හදාගන්නේ කියන එක යොන්ශික්ට තිබ්බ ලොකුම සැකයක්!!
"උතුමාණනී...ජියෝන්ගේ පුතා- ජන්කුක්ට දාව ළමයෙක් ටේහ්‍යුන්ගේ-
"මොකක්??"
ජේහන්ගේ කෑගැහිල්ලත් එක්ක යොන්ශික් බයෙන් බයෙන් වගේ බැලුවත් ජේහන් නහර උදුම්මපු මූන එක්ක එක බැල්මක් දාපුවම යොන්ශික් ලොකු කෙළගුලියක් ගිල්ලා,
"උබ කියන්නේ තව උරුමක්කාරයෙක් අරූගේ බඩේ ඉන්නවා කියලද?"
"ආරංචි උනේ එහෙමයි උතුමාණනී!"
"ආආආආආආආආඅ.....ටේහ්‍යුන්ග් උබ එහෙනම් මට බොරු කරා...!!"
.
.
.
.
.
.
.
.
.
.
.මාස පහකට පසු....
"අනේ බබා දුවන්නෙපා....පොඩ්ඩක් ඉන්නකෝ"
ජන්කුක් දනිස් දෙකට අත් දෙක තියාගෙන බෙරිහන් දෙනකොට ටේහ්‍යුන්ග් බඩටත් අතක් තියාගෙන හයියෙන්ම හිනාවෙවී දුවගෙන යනකොට හතර අතේ වැටිලා තියෙන මල්පෙති සීසීකට විසිරිලා ගියා,
එකපාරටම ගලක වැදිලා ටේහ්‍යුන්ග් විසිවෙන්න යනකොට ජන්කුක් එයාගේ කලුපාට මායාබල ටේහ්‍යුන්ගේ ඇගවටේ ඔතලා ටේහ්‍යුන්ග් තමන්ගේ පැත්තට ඇදගන්නකොට ටේහ්‍යුන්ග් ලොකු ඇස් එක්ක ජන්කුක්ගේ පැත්තට ඇදිලා ආවා,
YOU ARE READING
The Magical Real Estate 🔞
Fantasyආදරණීය මායාවට පෙමින්, උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට, ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ, ප්‍රේමවෘතාන්තය...! top kook 🔞