power lights (part 12)

136 28 6
                                    

ඈත පේන කදුකරය දිහා බලාගෙන ඉන්න ජන්කුක්ගේ ඇස් ලාවට බොද වෙනවා වගේ දැනුනේ නිදිමත නිසාද නැත්තම් තනිකම නිසාද කියලා ජන්කුක් උනත් හරියට දන්නෑ තවම,සීතලට හමන ඒ හුලගින් මුලු ඇගම හිරිවැටිලා ගියේ ජන්කුක්ගේ තොල් අග තිබුනු සිගරට් එකෙන් දුම් වලාවක් පිටවෙද්දි,

ජන්කුක් ඉන්නේ බැල්කනි එකේ ඔව් හැන්ග්වෙස්ට් උසස් පාසලේ උඩම තට්ටුවේ බැල්කනි එකේ,

හැමතිස්සෙම වගේ කොට ශෝටකට බැගී ටී එකක් ගහගෙන ස්ලිපර්ස් දාගෙන ඉන්න ජන්කුක් හෙන සෙක්සි,හද එලියට ජන්කුක්ගේ පිරුනු කලවා දිලිසෙනකොට,මත් උන රුදුරු ඇස් අද එලියෙන් තවත් රත් පැහැ වෙලා තිබුනා,

ජන්කුක් තමන්ගේ හිතත් එක්කම සටන් කරන ගමන් ඉස්සරහට වෙන දේවල් එකින් එක පෙල ගස්සගන්න ගමන් හිටියේ ගොඩක් ඉවසීමෙන්,ඔව් ජන්කුක් ගොඩක් ඉවසීමෙන් ඉන්න කෙනෙක්,එයා ඉස්සල්ලම සෙල්ලම දිහා බලන් ඉදලා සෙල්ලම් කරන කෙනෙක්,ඒ වගේම ජන්කුක් කියලා කියන්නෙම ජයග්‍රහණය විතරක් උපතින්ම ගෙනාව කෙනෙක්,

මහා රෑ වවුල්ලු කෑ ගහන සද්දෙයි අහලින් පහල පියාබන හැන්ග්වෙස්ට් රාජධානියේ ඉන්න මායාකාරයෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න ඒ මූසා පරිසරය අස්සේ ජන්කුක් හොයන නිදහස තිබ්බේ අඩුවක් නෑර,

සමච්චලයට වගේ තොල් අග හිනාවක් දාපු ජන්කුක් සිගරට් එක විසික් කරලා ලයිටර් එක අරන් අලුත් එකක් දල්වනකොටම ලයිටර් එක ඇදිලා ගියත් ජන්කුක් ඒ අත කරකවලා බිමට දැම්මේ ආව කෙනා බිම පෙරලලා ඒ උඩට එනගමන්,

"ආව්වා...මොකක්ද අනේ කරන්නේ?"

"ට්..ටේහියුන්"

ජන්කුක්ගේ ඇස් දිහා නොබලම ජන්කුක්ගේ ග්‍රහණයට ලක්වෙලා පීඩාවෙන් ඉන්න ටේහියුන් ජන්කුක්ව පැත්තකට තල්ලු කරන්න හැදුවම ජන්කුක් බලයන් පාවිච්චි කරලා ටේහියුන්ව තමන් ලගට තව ටිකක් ඇද්දා,

"ලයිටර් එක දෙනවා"

ටේහියුන්ගේ අතේ තිබුනු ලයිටර් එක අදින්න උත්සහා කරනගමන් ජන්කුක් කීවේ ලාවට,ම්ම්ම් පුදුමයි මේ මහාසෝනා මහා රෑ හෙමින් කතා කරන්න පුරුදුවෙලා,

The Magical Real Estate 🔞Where stories live. Discover now