all i need you (part 8)

219 36 2
                                    

ගෙවී ගියපු සති කිහිපය පුරාවට ජන්කුක් ටේහියුන්ව මග අරින්න ගත්තා.හේතුවක් නොදැන උනත් ටේහියුන් ඇත්තටම දුකින් හිටියේ ඒකට.පුන්චි පුන්චි හිත් රිදීම් අස්සේ ලොකු හේතු තියෙනවාලුනේ.ඒත් ටේහියුන්ට එහෙම උනේ නෑ.ටේහියුන්ගේ හිතට දැනෙන එක එක අමුතු හැගීම් නිසා ටේහියුන් හිටියේ ගොඩක් කලබල වෙලා.නිතරම ජන්කුක් අහලින් පහලින් යනකොට ටේහියුන්ට වෙනදට වඩා අමුත්තක් පවා දැනෙන්න ගත්තා.ඒත් ටේහියුන් ඒක ගනන් ගත්ත බවක් පෙනුනේ නෑ.

අදත් සීතල රාත්‍රිය එක දවසක්.ජන්කුක් හිටියේ නේවාසිකාගාරයෙන් පිටත.වෙලාවේ හැටියට ජන්කුක් නින්දට යන්න ඕනේ උනත් ජන්කුක්ගේ නින්ද එයාව හොයාගන්න මහන්සිවෙන්නැති පාටයි.දුහුල් කමිසයට කොට කලිසමක් ඇදන් හිටපු ජන්කුක් තණකොල ගොල්ලේ ඉදගත්තේ කෙලවරේම තිබ්බ මේපල් ගහකට හේත්තුවෙලා.

රෑ අහස ගොඩක් ලස්සනයි.හැබැයි ඒකේ ගැඹුර තුල ජන්කුක්ට පිළිතුරක් හොයාගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.ජන්කුක් හිටියේ ඉමක් කොනක් නැති ප්‍රශ්නයක් මැද තනිවෙලා.ඇත්තටම ජන්කුක් උනත් දැනන් හිටියේ නෑ මොනාද මේ වෙන්නේ කියලා.

ජන්කුක් උන දේවල් එකින් එක මතක් කරනකොට ජන්කුක්ගේ මනසට ආවේ එක දෙයයි.

හැන්ග්වෙස්ට් වල සැම් මාස්ටර්ට එයාගේ ඔම්මා එක්ක තිබ්බ සම්බන්ධකම මොකක්ද?

ජන්කුක් නිතරම වගේ ඒ ප්‍රශ්නේ නිසා ගොඩක් කරදර උනා.හැබැයි තවත් දෙයක් ඔය අතරේ උනා.සැම් මාස්ටර්ට ජන්කුක් නිසා එයාගේ බලය අහිමි උනා.ජන්කුක් සැක කරපු ඒ වොන්ශික් සැම් මාස්ටර් නෙවෙයි කියන එක ජන්කුක්ගේ හිත නිතරම කීවත් සැම් මාස්ටර්ට තිබ්බේ ජන්කුක් ඔය හිත වොන්ශික්ගේ මූන කියලා ජන්කුක්ට සාක්ශි ඇතුව කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.ඒ මොකක් උනත් ජන්කුක් ආපහු සැම් මාස්ටර්ට එයාගේ බලය දෙන්න කැමැත්ත දුන්නේ නෑ.අන්න ඒ හේතුවෙන් ජන්කුක්ගේ කඩුව මම කියන්නේ චෝයි උතුමාන්නන්ගේ කඩුව ජන්කුක්ට අල්ලන එක පවා තහනම් කරලායි තිබ්බේ.

සුසුමක් පිට කරපු ජන්කුක් එයාගේ ඔම්මගෙයි අප්පගෙයි මතක වල ගිලිලා ඉන්නකොට ජන්කුක්ගේ නින්ද ජන්කුක්ව හොයාගෙන හරිපාරේ ඇවිල්ලා.ජන්කුක් හීනෙන් වගේ ලමයි දෙන්නෙක්ගේ හිනාවක් දැක්කා.

The Magical Real Estate 🔞Where stories live. Discover now