4 කොටස

1.2K 160 13
                                    

සුපුරුදු විදියටම එලාම් සද්දෙට අවදි වුන මම
ඇස් පොඩි කර කරම බැලුවේ මගේ එහා පැත්තේ නිදන් උන්න මල්ලි දිහා

මේ යකා මුළු බ්ලැන්කට් එකම ඔතාගෙන
ඒකනේ යකෝ මට රැ මැද හීතලා දැනුනේ
නිදන් ඉන්න හැටි පස්ස පැත්තත් උස්සගෙන
දෙන්න හිතයි පු#ට පයින් එකක් විසික් වෙලා බිමට වැටෙන්න

හිතින් දේව්ට බැන බැනම මම පුරුදු කෝෆි එක හදාගෙන බැල්කනියට ආවා..

තාමත් අහසෙ තරු පායලා
මිනිස්සු කියනවා රැ අහස පුදුමාකාර තරන් ලස්සනයිලු තරු පිරුනු අහස දිහා බලන් ඉද්දි හරියට භාවනාවක් වගේලු
තරු දිලිසෙනවලු...

මට පින නැ ඒ ලස්සන දකින්න
මටත් ආසයි ඒ මිනිස්සු කියන දිලිසෙන තරු දිහා බලන්න කවදක හරි පුලුවන් වෙයිද?

නැ මම දන්නැ මා ලගවත් ඒ ප්‍රශ්නෙට උත්තර
නැ

අවසාන කෝෆි උගුරත් ගිලගත්තු මම ගරාදි වැටට හේත්තු වෙලා ඇස් පියා ගත්තා පපුව පුරා ලොකු හුස්මක් ගත්තා

නොලැබෙන දේ ගැන හිත හිත මට දුක් විදින්න බැ.....මට තාම මතකයි තාත්තා කියපු කතාවක්

"පුතා ඔයාට නොලැබුන දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා ලැබිලා තියෙන පුංචි දෙයින් වුනත් සතුටු වෙන්න පුරුදු වෙන්න මොකද ඔයාට ලැබිලා තියෙන දේ නොලැබුන අයත් ඕන තරම් මේ ලොකේ ඉන්නවා"

තාත්තා හරි
ඉතින් අදටත් මම එයාගේ ඒ වචන පිළිගන්නවා

වොෂ් එකක් දාගෙන ඇවිත් පුරුදු විදියට black full suits එකක් ඇද ගත්තා

මගේම ප්‍රතිබිම්බය දිහා කණ්නාඩියෙන් බලා උන්න මම මගේ රුපේ දිහාම බලලා හිනා වුනා

ඇත්ත කොල්ලා හැන්ඩියා
ඒත් අනිත් අය කියනවා වගේම මගේ පෙනුම ඕනවටත් වඩා සීතල පාටයි

ඇත්ත එහෙම නොවි කොහොමද පොඩි කාලේ ඉදලම හැදුන වැඩුන පරිසරය නිසාම මම හැගීම් දැනීම් නොදෙනෙන තරමට රළු කෙනෙක් වෙලා වගේ

වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now