21 කොටස

788 122 44
                                    

උපන්දිනේ කියන්නෙ කෙනෙක්ගේ ජීවිතේ තියෙන සතුටුම දවසක් වෙන්න පුලුවන් බොහෝ දෙනෙක්ට

මොකද තමන් ඉපදුන දවස තමන්ට කොයිතරම්නම් වටිනවද..ඒ වගේම තවත් කී දෙනෙක්නම් ඇතිද තමන්ගේ උපන්දිනේවත් නොදන්න

අනාත වුන දරුවන්ට කොයින්ද උපන්දිනයක්...ඒත් උපන්දිනේ දන්න අයත් ඉන්නවා තමන් ඉපදුන දවසට වෛර කරන හරියට නෙත්සිළු වගේ... තුර්යා කියපු
දේවල් එක්ක මට පුදුම හිතුනා මේ පුංචි කොල්ලගෙ හිත ගැන ඒ හිත මගේ හිතට වඩා හයියයි කියලා මට හිතුනා

තමන්ගේ අම්මගේ හුස්ම උදුරගෙන ඉපදුනා කියලා වටේම ඉන්න මිනිස්සු කතා හදද්දි..කොච්චර කොහොම කරත් තමන්ගේ හෘද සාක්ෂියටත් මම මගේ අම්මව මරාගෙන ඉපදුනා නේද කියලා හිතෙද්දි ඒ දැනෙන හැගීම් කොහොම දරාගන්නද
ඒ අතින් මගේ චූටි ටීච ගොඩක් හයියයි එයාගේ දරාගැනිම ගැන තවත් ආටෝප ඕනි නැ...

ඒ හිත අස්සේ මේ අවුරුදු 23 ට කොච්චරනම් වේදනාවක් හිරකරගෙන ඇත්ද ඒත් එයා හැම ප්‍රශ්නයක්ම හිනාවෙන් හන්ගගෙන ඉන්නෙ එයා මේ ලෝකේ සතුටින්ම ඉන්න මනුස්සයා කියලා පෙන්නන ගමන්...ඒත් දවස් දෙකක්ම මම දැක්කා ඒ පුංචි හිත අස්සේ තියෙන වේදනාවේ තරම

තව කොච්චරනම් ගින්දරක් ඒ හිත අස්සේ ඇත්ද...මට හිතාගන්න බැ මගෙ නෙතුවෝ උබනම් පුංචි මායා කාරයෙක්...මායාකාරයෙක් නෙවෙයිනම් කොහොමද මෙහෙම හැසිරෙන්නේ තමන්වත් බලාගෙන තමන්වත් පුලුවන් විදියට සතුටු කරලා තවත් කෙනෙකුගේ ජීවිතයකට පවා සතුටක් ගේනවා...මම දන්නෙ මෙච්චරයි අද ලෝකේ මගේ චූටි ටීච වගේ හදවත් තියෙන මනුස්සයෝ හරි අඩුයි...

මුලින් මම හිතන් හිටියේ මමයි මේ ලෝකේ දුක්විදිනම මනුස්සයා කියලා මමයි විදවනම මනුස්සයා කියලා...ඒත් අද මම වැරදියි කියලා මට හිතෙනවා මට වඩා ප්‍රශ්න දුක් උහුලන මගේ කතාව වගේ ඊටත් වඩා වේදනාකාරි ජීවිත කතා අනන්තවත් ඇති....මම ප්‍රාර්ථනා කරන්නේ ඇවිලෙන හැම හදවතකටම සුලු හෝ නිවීමක් ලැබෙන්න කියලයි

ගෙදර ආපු මම කාලා ඇවිත් ඇදට වැටුනත් නින්දනම් අද මන් ලගට එන්නැති පාටයි

මගෙ හිත අස්සේ හොල්මන් කරන්නෙම එයා...මට පුලුවන් වුනානම් ඔය හිත අස්සෙ හිර කරන් ඉන්න වේදනාව ඉවර වෙනකල් අඩන්න කියන්න...මට පුලුවන් අඩන උබව පුලුවන් විදියට සනසන්න කියන්න

වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now