29 කොටස

698 113 39
                                    


තමන් ආදරය කරන තමන්ගෙ ආදරණීයන් එක්ක ගතවෙන හැම මොහොතක්ම හරි සුන්දරයි කියනවනේ
ඉතින් මමත් මේ ගතවුන පැය ගිනට ඒ සුන්දර හැගීමෙන් මගෙ මුලු හිතම පුරවගත්තා

මට කලින් උදෙන් නැගිටපු එයා මට කිරි එකකුත් හදාගෙන ඇවිත් අවදිකරලා මගේම ඇදුමක් අරන් වොෂ්රුම් එකට යන්න ගියා

වෙනදට බොන්නේ කෝපී කෝප්පයක් වුනාට අද උදේට කිරි කෝප්පයක් ඒකත් හොදයි ඉතින් වෙනසකටත් එක්ක....මොනව නැතත් සීයගේ ඝාන්ටාර වොයිස් එක වගේම අත්ගුනෙත් අඩුවක් නැතුව මුණුබුරාට පිහිටලා කියලා මට ඊයේම තේරුනා...කිරි එකත් පට්ටම රසයි...කවද හරි ඉතින් මට බඩගින්නෙනම් ඉන්න ඕන නැතිවෙයි මොකද ඉතින් රසට උයන්න පුලුවන් කොල්ලෙක්නෙ මට ඉන්නේ

කිරි එක බීලා ඉවර කරපු මම ඊයේ ඉදන් ඕෆ් වෙච්ච ෆෝන් එක චාච් එකට ගැහුවා...දේව් කතා කරන්න ඇති දැන් ඉතින් උගෙත් බැනුම් අහගනෙ ඉන්න වෙයි ඇත්තට දේව් නෙතු දෙකම එකයි මුන්ගෙනම් මේ ඉපදුන අවුරුද්දෙ වැරැද්දක්ද කොහෙද

දේව්ගෙයි නෙතුගෙයි තියෙන යක්ස ස්වරුපේ ගැන හිත හිත උන්න මම පියවි සිහියට ආවේ එයා මගේ අතේ තිබ්බ මග් එක ගද්දි

එයාට මගේ ඇදුම් චුට්ටයි ලොකු...හොද වෙලාවට මම පාට ඇදුම් ගත්තේ නැත්තන් ඉතින් මගේ නෙතුවටත් කලු කුමාරයා වගේ කලු පෙරවගෙන ඉන්න වෙන්නේ...

රෝස පාට ටීෂර්ට් එකයි සුදු ශෝටයි එයාට නියමෙටම ගැලපෙනවා එයාගේ පෙනුම අදනම් වෙනදටත් වඩා හුරතල්

ඇත්තටම තමන් ආදරේ කරන කෙනා තමන්ගෙ ඇදුම් අදිත්දි ඇතිවෙන හැගීම මටත් දැනුනා ඒක පුදුමාකාර විදියට හදවතම පිරිලා යන සතුටක්

"උයන්න එපා මම වොෂ් එකක් දාන් ටග්ගාලා එන්නම්.."

මට දැන් හොදයි යන්තන් උණ තිබ්බට ඉතින් මට ඕන වුන්නැ එයාට කියලා තවත් වැඩ කරවගන්න...අනිත නෙතු එදා මම හදපු කෑම හරි ආසාවෙන් කඋවේ ඉතින් මට ඕන වුනා මගේ අතින්ම එයාට උයලා දෙන්න.... වෙන ටවල් එකක් පෙන්නම තිබ්බත් එයා පිහිදපු තාම තෙත පිටින් තියෙන මගේම ටවල් එකත් අරගෙන මම බාත්රුම් එකට ගියා...

වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now