පහන් POV
මම කාමරේට එද්දිත් සීයතාත්තා අතින් පපුවත් තද කරගෙන මගේ මේසෙට බරවෙලා ඉද්දි මම ඉක්මනටම සීයතාත්තව ඇදෙන් හාන්සි කරා
"අනේ හුස්ම ගන්නගෝ සීයතාත්තේ..."
"පහන්....දෙවියනේ සීයතාත්තේ!!"
"අනේ පූජා ඉක්මනට වතුර එකක් ගේන්නකෝ.."
පූජා දුවලා ගිහින් වතුර වීදුරුවක් අරන් එද්දි
පොඩ්ඩ පොඩ්ඩ සන්සුන් වුන සීයතාත්තව ඇද මිට්ටමට හේත්තු කරවලා වතුර චුට්ටක් බොන්න දුන්නා"අඩන්න එපා දරුවනේ...මම හොදින්"
"මේ බෙහෙත් ටිකත් බීලා ඉන්න සීයතාත්තේ.."
පූජා සීයතාත්තගෙ බෙහෙත් ටිකත් පෙව්වම එයා සාමාන්‍ය තත්වෙට හැරුනා වගේම බෙහෙත්වල සැරටම නිදිමත ගතියක් ඇති වෙද්දි සීයතාත්තට නින්ද යනකල්ම ඔලුව අතගාපු මම එයාට නින්ද ගියෙම ශීට් එකත් පෙරවලා කාමරේ දොරත් වහන් එළියට එන්නා ආවා..
"මොකක්ද වුනේ පහන්?"
"අර එදා ආපු මිනිහා අදත් සීයතාත්තට තර්ජනේ කරා.."
"හේතුව මොකක්ද"
"හේතුව තාත්තා.... ඒ මිනිහා වෙන කවුරුත් නෙවෙයි දේව්ගේ තාත්තා රාමනායක"
"මොකාක්.."
"හ්ම්...අපි නොදන්න ලොකු කතාවක් මෙතන තියෙනවා පූජා...උබ මගෙ පොඩි කාගේ ඉදලා හොදම යාලුවා ඉතින් මම හිතනවා මට උබව විශ්වාස කරන්න පුලුවන් කියලා"
"මොකද්ද වෙන්න ඕන උබ වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්"
"මට ඔය වචනම හයියක්.... අද වුන මේ හැමදේම සුදු අයියගෙන් වගේම දේව්ගෙනුත් රහසක් විදියට තියාගන්න ඕන...මට පොරොන්දු වෙන්න කියන්නෑ කියලා"
"ඒත් පහන් ඒ මිනිහා ආයෙත් ආවොත්.."
"බය වෙන්න එපා මම හැමදේම බලාගන්නම්...මට මේ උදව්ව කරන්න පූජා.."
"හරි...ඒත් කරන වැඩක් පරිස්සමෙන්"
"හ්ම්...යමු මම ගෙදරට ඇරලවන්නම්.."
"ඕන නෑ මේ රෑ එන්න මම තාත්තට එන්න කිව්වා දැන් ඒවී..."
පූජා තාත්තා එක්ක යන්න ගියාම රෙස්ටුරන්ට් එකේ දොරවල් ලොක් කරපු මම ගෙට ඇවිත්
ගෙදර දොරවල් ජනෙලුත් වහලා දාලා කාමරේට ආවේ දැන් කොහොමත් සීයතාත්තා අවදි වෙන්නේ හෙට උදේට නිසා මටත් කන්න බඩගින්නක් නැති වෙද්දි කාමරේට ආපු මම සීයගෙ එහා පැත්තෙන්ම ඇදෙන් හාන්සි වුනා...
YOU ARE READING
වර්ණ 🌈 [YiZhan]
Fanfictionනුබේ ආදරයෙන් පාට වූ මගේ ලෝකය .... 💚❤️ 2023/04/11 2023/11/10