45 යකොටස

551 74 25
                                    

සින්හල දෙමළ අලුත් අවුරුද්ද කියන්නෙම
මිනිස්සුන්ගෙ හිත් හරි සතුටු කරන දෙයක් , දවසක්

තරහා මරහා අමතක කරන කොයි කවුරුත් හරි සහායෝගයෙන් ඉන්න ගමේ නගරේ බේදයකින් තොරව මුලු රටක්ම එකම වෙලාවකට එකම නැකතකට වැඩ කරන මොහොතක්

අවුරුදු සමරන හැම ගෙදරකම ලිපගිණි මොලවන්නේ එකම වෙලාවට එතකොට ආහාර අනුභවය ,වැඩ ඇල්ලිම , ගණුදෙනු කිරිම වගේ දේවල් වෙන්නෙත් එකම නැකත් වෙලාවක

ඒක හරි ලස්සනයි....

හරි උජාරුවට ගමේ තරම්ම නගරේ අවුරුදු සැමරුවෙ නැතත් මේ කොළඹත් ආගම් ජාති භේදෙකින් තොරව බෞද්ධ, හින්දු මනුස්සයා විතරක් නෙවෙයි ක්‍රිස්තියානි ආගම අදහන අය පවා ආසාවෙන් පුලුවන් විදියට අවුරුදු සමරනවා

අපේ ගෙදරත් වෙනසක් නැතුව අලුත් අවුරුදු උදාවට රතිඤ්ඤා පිච්චුවා....

පොඩි අඹ ගහේ ඉත්තක එල්ලපු රතිඤ්ඤා වැල පත්තු කරලා මම පැත්තකට වෙද්දි නෙතුයි දේව්තුයි තරගෙට කන් වහගෙන කෑගහන්න ගත්තා

රතිඤ්ඤාවලට වඩා සද්දෙයි ඒ කටවල් දෙක

ඒ ඩබලවත් ඇදගෙන මම ඉක්මනට ගෙට ආවේ සීයතාත්තා කිරි උතුරන්න බලන් ඉන්න නිසයි

අලුත් අවුරුදු උදාව නැකතට සීයතාත්තා ගඩොල් කැට තුනක් තියලා හදාපු පුංචි ලිප ගිණිමොලවද්දි නෙතු කිරි පුරවපු පුංචි මැටි මුට්ටිය ඒ උඩින් තිබ්බා

අපි හතර දෙනාම බිමින් වාඩි වෙලා පුංචි කිරි මුට්ටිය ඉතිරෙනකල් බලන් උන්නා

චුට්ට චුට්ට බුබුලු දදා උතුරන කිරි මුට්ටිය මුළු වසරම සුබ කරගෙන හැම පැත්තෙන්ම කිරි උතුරද්දි අපි හැමෝගෙම හිතේ සතුටක් ඇති වුනා

චුට්ට චුට්ට බුබුලු දදා උතුරන කිරි මුට්ටිය මුළු වසරම සුබ කරගෙන හැම පැත්තෙන්ම කිරි උතුරද්දි අපි හැමෝගෙම හිතේ සතුටක් ඇති වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now