65 කොටස

455 49 20
                                    

පහන් pov

අද මගේ ජීවිතේ සතුටුම දවස...
දළදා සමිදු ඉදිරිපිට ඉදන් සුදු අයියයි මමයි මුදු මාරු කරගත්තේ ආත්ම ගානක් අපි අපේම වෙන්න පොරොන්දු වෙමින්...

"මම උබට හරි ආදරෙයි මගේ මැණික.."

"මමත් මට හිතාගන්න බැරි තරමට ඔයාට ආදරෙයි සුදු අයියේ.."

දළදා සමිදු වැදපුදාගෙන අපි වැව රවුමට ඇවිත් එදා අපි අපිට ආදරෙයි කිව්ව දවසේ වාඩිවුන බංකුවම හොයාගෙන වාඩි වුනා.... එදා වගේමයි මට පුදුමාකාර නිදහසක් හිතට දැනෙනවා....
එදා තිබුන රෝබරෝසියන් අද නැතත් මෙතන ලස්සනේනම් මට අඩුවක් පෙනුනේ නෑ...මට අද දකින දකින හැමදේම ලස්සනට පේනවා සමහර විට ඒ අද මගේ හිතම පිරිලා නිසා වෙන්න ඇති

"සුදු අයියේ කාර් එකේ යතුර දෙන්නකෝ.."

හිතට ආපු අදහසක් නිසා මම එයාගෙන් කාර් එකේ යතුර ඉල්ලද්දි එයත් මොකුත් නාහම මගේ අතට යතුර දුන්නා..යතුර අතට ගත්තු මම බංකුවෙන් නැගිටලා බංකුව ලග බිම පහත් වෙලා බංකුවේ දාරේක යතුරෙන් අපේ නම් ලියන්න ගත්තා
ඉස්කෝලේ කාලේ කපල් කරනවා වගේ

A+P කියලා ලියලා ඒ වටේට හාට් එකකුත් ඇදපු මට දැනුනේ මාරම සතුටක්..

"මගෙ නෙතු කුරුටු ගීත ලියනවද ඒ පාර.."

"කුරුටු ගීත නෙවෙයි සුදු අයියේ අපේ මතක රැදුන තැන පුංචි සිහිවටනයක් තියලා යමු..එතකොට ආයෙත් එන හැම පාරම අපිට ඒ මතක අලුත් කරගන්න පුලුවන්"

"මගෙ පිස්සු කෝලම..."

"ඔයා තමයි හොදට හිටපු කොල්ලට පිස්සු හැදෙව්වේ..."

"අපෝ ඒකනම් මම බාරගන්නෑ ඔන්න..මොකද මට හම්බවුනේ තනිකර පිස්සු කෝච්චියක්..මට තාම මතකයි මුණගැහුන පලවෙනි දවසේ නටපු පිස්සුව කකුලත් කඩාගෙන තව මටත් බැනලා.."

"අනේහ්...එපා අයියෝ ඔයා හැමදාම ඕක කිය කිය මට විහිළු කරනවා"

"ඒ කතාව මම අපේ ළමයිගේ ළමයින්ටත් කියනවා"

"හරි නරකයි...."

"මගේ නරක ඔයා තාම දැකලා නෑ බබා...තව මාසයයිනේ ඊට පස්සේ බලාගන්න පුලුවන් වෙයි ඔයාට මගේ නරක"

වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now