34 කොටස

642 86 33
                                    


උදේ අටට විතර සීයට සිහිය ලැබෙද්දි මෙච්චර වෙලා මැලවිලා තිබුන මගෙ නෙතුගේ මූණ එළියවුනා... ඉතින් ඔන්න දැන් මට පුලුවනි සැනසිල්ලෙ හුස්ම ගන්න
නැත්තන් ඒ හිනාව නැති සුදුමැලිවුන මූණ දකි දකින වාරයක් පාසා මගේ පපුව හිරකරවන හැගීමක් දැනෙනනවා

සීයව චෙක් කරපු ලියූ අයියා සීයව හවස ගෙදර එක්ක යන්න පුලුවන් කියද්දි නෙතුගේ මූණේ අර මැකිලා ගියපු හිනාව ආයෙත් හරි ලස්සනට ඇදුනා

තවත් රිපෝට් වගයක් එන්න තියෙනවා කියලා තිබුන නිසාම කොහොමත් සීයව එක්ක යන්න වෙන්නෙ හවසම වෙද්දි මම නෙතුට සීය එක්ක ඉන්න කියලා ආවේ රෙස්ටුරන්ට් එකෙයි ගෙදරයි වැඩ ටික බලන්න මොකද අර කෙල්ලට තනියෙන් ඕවා ඔක්කොම කරන්න බෑනේ

දේව්ව තනියෙන් යවන්න බෑ උදව් කරන්න කියලා එහෙම වුනොත් හැලයට අර පැංචලයි ඉස්කෝලේ භාරදුන්න වගේ වැඩක් වෙන්නේ..හම්මෝ කොහොමට තියෙයිද ඒකා මහා පැණියා...අනිත් ජෝඩුව ගැනනම් කතා කරලා වැඩක් නැ වින්ගේ වැඩේ නොදන්න සිංහල කියවන එකමයි එතකොට බ්‍රයිට් ඌ ගිටාර් එක බදාගෙනමයි ඉතින් කොහොමද මම උන් තුන්දෙනාට වගකීමක් බාර දෙන්නේ

මොනවා නැතත් අපිට සෙට් වෙන්නේ අපිටම ගැලපෙන අමුම අමු පිස්සෝ...තව ටික දවසකයි පිස්සන් කොටුවක් දාන්න පුලුවන් ම්න් ලියූ අයියා ඒ අංශෙ පැත්තෙනුත් ඉගෙන ගත්තනම් අපිටම බෙහෙත් කරලා බිලියන පතියෙක් වෙන්න තිබ්බා

මම රෙස්ටුන්ට් එක ඉස්සරහින් කාර් එක පාක් කරලා close කියලා තියෙන බෝඩ් එක එල්ලපු දොර ඇරගෙන ඇතුල ආවා.. අද රෙස්ටුරන්ට් එක වහලා ඒත් ඉතින් අස්පස් කරන වැඩ ගොඩයි

රෙස්ටුරන්ට් එකේ චෙෆ් සීයා වෙද්දි තූර්යයි නෙතුයි තව කොල්ලෙකුයි වේටර් ජොබ් එක කරනවා..ඉතින් ඉයේ කලබලෙන් රෙස්ටුරන්ට් එක වහද්දි අස්පස් කරන්න බැරි වෙලා මොකද අර අනිත් කොල්ලත් නිවාඩු

මම මුලින්ම ටේබල් තියෙන පැත්තට යද්දි බ්‍රයිට් දමාගෙන මේස පුටු අදිද්දි වින් අතුගානවා...අනේ මුන්දෙන්නත් ඉන්න රටට වෙලා නොයිද ලංකාවට ඇවිත් නිවාඩු ගත කරන්න කියලා හිතන් දැන් මෙතන මේස පිහිනවා.. පව් අසරන කොල්ලො දෙන්නා..

වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now