දවසින් දවස ගෙවිලා යනවා..
කැලැන්ඩරේ තියෙන දිනත් එකින් එක කතිර ලකුණකින් කැපිලා යනවා..අලුත් අවුරුද්දේ බක් මාසෙත් පටන් අරන් දවස් දෙකකුත් ගෙවිලා ගිහින්
කැලැන්ඩරේ අප්‍රේල් තුන් වෙනිදා දිනේ කපපු මට ඉබේටම හුස්මක් පිටවුනා...
මම උබ නැතුව අවුරුදු දෙකක්ම ගෙවලා දාලා නෙතු...මටම පුදුමයි මම කොහොම මේ අවුරුදු දෙක දරාගත්තද කියලා...එක්කෝ පුදුම වෙන්න දෙයකුත් නෑ ගෙවුන අවුරුදු දෙකේ මම වැඩි පුරම හිටියේ හොද සිහියෙන් නෙවෙයිනේ...
එයා එක්ක අපේම ලෝකෙක තනි වෙලා ඒ ලෝකේ ඇතුලෙදි මට තනිකමක් දැනුනේ නෑ එයා හැමවෙලාවෙම මගේ ලග මගෙ තනියට හිටියා ඒත් දැන් මගේ තනියට එයා නැහැ මගේ අදුරු ලෝකේ මම විතරක් තනි වෙලා..මම දැන් මිනිස්සු කියන විදියට මානසික රෝගියෙක් නෙවෙයි..ඔව් මේ පිස්සට දැන් පිස්සුව හොදයිලු ඒත් මේ පිස්සා කැමති ඒ පිස්සුවෙන්ම ජීවත් වෙන්න තිබ්බනම්
මට උබ නැතුව හරි පාලුයි මගේ චූටියෝ....
"ආලෝක මම ඇතුලට එන්නද?"
දොර ලගින් ඇහුන හුරුපුරුදු කටහඩ නිසා මගේ කල්පනා ලොකෙන් මම මිදුනා..
මේ ගෙවුන කාලේ පුරාවට මට වැඩියෙන්ම ලන්වුන කටහඩ තමයි ඔය
"එන්න ඩොක්ට.."
"ඔය ඉතින් කොච්චර කිව්වත් අහන්නෑනේ මට ඔය ඩොක්ඩ කෑලි කියන්න එපා මමත් මිස්ටර් ආලෝක කියනවා හැබැයි"
"හරි හරි මම නොකියා ඉන්නම්..."
"අන්න එහෙම ඉන්න....කෝ බෙහෙත් බිව්වද?"
"හ්ම්..."
"ආලෝක අද ගියාම මට තමා පාලු ඉතින්"
"ඇයි සතීෂ් අකමැතිද මම යනවට"
"නැතුව මට කොහෙද එතකොට යාලුවෙක්"
"ඒක ඔයාගෙම වැරැද්ද ඔයා මාව සනීප නොකරනම් මට මෙහෙන් යන්න වෙන්නෑනේ"
YOU ARE READING
වර්ණ 🌈 [YiZhan]
Fanfictionනුබේ ආදරයෙන් පාට වූ මගේ ලෝකය .... 💚❤️ 2023/04/11 2023/11/10