මට මේ වෙන හැම දෙයක්ම හීනයක් වගේ
මහා නරකම නරක හීනයක්....
මට මේ හිනෙන් ඇහැරෙන්න ඕන වුනත් ඒක කරන්න බෑ...එහෙමයි කියලා මට පුලුවන් කමක් නෑ යථාර්තෙට මුහුණ දෙන්න..මම එච්චර හිත හයිය මනුස්සයෙක් නෙවෙයි..මම එයාගේ ආදරේ ඇබ්බැහි වුන කෙනෙක්..
මම ඉස්සර හිතන්නවත් අකමැති දේ අද වෙලා තියෙද්දි මම කොහොමනම් කියලා ඉවසන්නද
මට ඕන මගෙත් හුස්ම ඉක්මනට නවතිනවා බලන්න..ඒත් මට ඒක මගෙ අතින්ම කරගන්න බෑ....මනුස්සයෙක්ට උහුලන්නම බැරි තැන ජීවිතේ අතාරින්නත් හයියක් තියෙන්න ඕන ඒත් මට ඒ හයියත් නෑ...මම දැන් නිකන්ම නිකන් හුස්ම වැටෙනවට හුස්මගන්න හදවත මැරුණ මලමිනියක් වගේඑයා මම ලග නෑ කියලා දැනෙද්දි පපුවට දැනෙන වේදනාව දරාගන්න හරි අමාරුයි
මුවහත් පිහි සියගානක් පපුව පසාරු කරගෙන යනවා වගේ...අනේ නේතු මට උබ නැතිව ඉන්න බෑ බන්
පොරොන්දු තියෙන්නේ රකින්නනේ මගෙ වස්තුව
ඉතින් ඇයි උබ දුන්න පොරොන්දු කැඩුවේ"අයියේ...අපි දැන් යන්න ඕන.."
"හ්ම්..."
අද නඩුවේ අවසාන දවස රාමනායක සියලු චෝදනාවලට වැරදි කරුවෙලා බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් වලට නියමු උනත් මට කිසි සතුටක් නෑ...අඩුම මට අද ඒ මිනිහා උන්නද මලාද කියලවත් කිසි ගාණක් නෑ...මට දැන් දැනෙන එකහ හැගීම වේදනාව විතරයි
මම හිස් බැල්මකින් අපේ ඉස්සරහට පොලිස් නිළධාරී කිහිපදෙනෙක් එක්ක අත්වලට මාංචු දාලා එන රාමනායක දිහා බලන් උන්නා
"මම තමුන්ගේ ලේ වලට වෛර කරනවා.."
අපේ ලගින් ටික වෙලාවකට රාමනායකව නතර කරගත්තු දේව් කේන්තියෙන් කියද්දි රමනායකගේ මුණේ කිසිම පසුතැවිල්ලක් තිබුනේ නෑ...
"උබ දිණුවා මම පැරදුනා කියලද හිතන්නේ ආලෝක...අපෝ නෑ මෙතන පැරදුන එකම එකා උබ ඔව් උබම විතරයි...උබ දැන් බාගෙට මැරුන මිනිහෙක්....."
සමච්චල් හිනාවක් එක්ක එහෙම කිව්ව රාමනායක අන්තිමට මගේ කනට ලන් වෙලා රහසෙන් මුමුණපු දේ නිසා මට ඌව මරාගෙන මැරෙන්න හිතුනා