පහන් POV
"සුදු අයියේ ආදරේ නොකරන කෙනෙක්ව කසාද බදින්නේ කොහොමද?"
මම හිතන්නේ මම ප්‍රශ්නේ අහපු විදිය වැරදියි
මම බලන් ඉද්දි සුදු අයියගෙ ඇස් ගැස්සුනා එයා කලබලෙන් එයාගේ අතක පැටලුන මගෙ අත තව තද කරලා අල්ල ගත්තා
හරියට නිකන් මම මේ දැන් මෙතනින් අතුරු දහන් වෙයි කියලා බයකින් වගේ"කසාද.. කාව කවුද කසාද බදින්නේ?
ආ නෙතු මට කියන්න සීයතාත්තා ඔයාට ප්‍රොෆෝසල් එකක් ගෙනාවද ආ... විකාරද මේක කසාද බදින වයසක්ද ආ කවුද කොහෙද ඒ කෙල්ල මට කියන්න මම දැන්මම ගිහින් ඒකීව බේරෙ වැවට තල්ලු කරනවා මේ ඇත්තමයි..හිතේ ඇති මගෙ කොල්ලව බැදගන්න"මගේ හිතේ තියෙන ප්‍රශ්නේ එයා එක්ක කතා කරන්න මම හිටිය සීරියස් මූඩ් එක මට බායි කියාගෙන යන්න ගියා
එයාගේ කතාවට මට හිනා යද්දි එයා මා දිහා බලන් හිටියේ මම මොන පිස්සෙක්ද කියලා හිතාගන්න බැරුව වගෙයි
"ඔයාට විහිලුද චූටි ආ මම මේ ගින්දරෙන් ඉන්නවා ඔයාට හිනා"
"අයියෝ මගේ මැට්ටෝ දැන් මම කොයි වෙලේද කිව්වේ මට ප්‍රොෆෝසල් එකක් කියලා
ඔයත් අර කලුවා වගේනේ අනේ ඔක්කොම කියන්නත් කලින් ඔයා මාව වෙන කෙල්ලක්ට කසාද බන්දන්න පෝරුවටත් නග්ගලා පොල් ගෙඩියත් බිදින්නයි ලෑස්තිය""කලුවා මේ මම..මොනවද බූරු පැටියෝ කියවන්නේ කියන දෙයක් හරියට කියනවා නෙතු"
"අම්මෝ හරි හරි කේන්ති ගන්න එපා මගෙ සුදූ...."
එහෙම කියලා එයාගේ අතට හාදුවක් දුන්නමයි එයා සන්සුන් වුනේ
ඇත්තට වෙලාවකට මෙයා පුංචි දරුවෙක් වගෙයි..මම හරි ආසල් ඒ පුංචි දරුවෙක් වගේ හැසිරෙන ආලෝකව දකින්න
හැබැයි මම ලගදි විතරක්හොද හුස්මක් ගත්තු මම ආයෙත් මගේ කතාව කියන්න පටන් ගත්තා
"සුදු අයියේ මම තාත්තගෙ ඩයිරිය කියෙව්වා"
"තාත්තගේ ඩයිරිය?"
YOU ARE READING
වර්ණ 🌈 [YiZhan]
Fanfictionනුබේ ආදරයෙන් පාට වූ මගේ ලෝකය .... 💚❤️ 2023/04/11 2023/11/10