කොල්ලා මටත් රවලා ගස්සගෙන පිටිපස්සෙ දොරෙන් එළියට යන්න යද්දි ඒ ටිකකින්ද සීයත් ඒ පස්සෙන්ම ගියා
හිනාවුනාට මොකද සීයා ලග එයා සද්ද නැතුව අහිංසකයා වගෙ හිටපු විදිය දැක්කමනම් මට පොඩි බයකුත් දැනුනා සීයා සැරවත්දෝ කියලා
"නන්ගි..."
එයා ගුටි කයි කියලා බයක් දැනුන නිසාම යන්න හදපු කෙල්ලට මම කතා කරාම එයත් මම ලගට ආවේ මූණ නරක් කරගන
"ඉන්න මෙනු එක ගෙනල්ලා දෙන්නම් සර්"
"නැ නැ මට මෙනු එක නෙවෙයි පහන්ට සීයා ගහයිද නන්ගී? මම නිසයි එයාට පරක්කු වෙන්න වුනේ"
"ගහන්නෙ නැතිවුනත් පහන්ට බනියි සර්
සීය තාත්තට තරහා ගියාම හරි නපුරුයි""මම ගිහින් බලන්නද පොඩ්ඩක්"
මම එහෙම ඇහුවේ මම ඒ ප්රශ්නවලට මැදිහත් වෙන එක හරි නෑ වගේ දැනුන නිසයි
ඒත් මම එහෙම අහපු සැනින් කෙල්ල මගේ අතේ එල්ලුනේ...අනේ මේ නන්ගි ඕවටනම් එන්න එපා අපේ එකා මාව කන්න හදයි අන්තිමට උගේ කෙල්ලවත් අල්ලගත්තා කියලා අනේ ඉතින් ඌටත් මම කියන්නැ අනික මට මේ කොලුකෙල්ලො සෙට් නැ
"අනේ සර් යන්නකෝ ඒක ලොකු දෙයක් මොකද පහන් ඔය ගමන ගියෙත් සීයතාත්තගෙ අකමැත්තෙන් දැන් තරහට සීයතාත්තා කින කතාවලට හිත රිදවගෙන සතියක්ම මූඩ් ගහලා ඉදියි"
මගෙ අතේ එල්ලුන දේව්ගේ වෙන්න කෙල්ලා ඇවටිලි කරද්දි මම හා කියන්න ඔලුව වනලා රෙස්ටුරන්ට් එකේ පිටිපස්සෙ දොරෙන් එළියට ඇවිත් එයාලගෙ ගේ ලගට ඇවිදන් ගියා
ඉස්සරහා දොර ලගට ගිහින් කතා කරත් කාගෙන්වත් ප්රතිචාර නැති වෙද්දි ගේ ඇතුලින් ඇහුන සද්දෙට කෑ ගහන සද්ද නිසා මම බලන් නොයිද ගේ ඇතුලට යද්දිම ඉකියක් එක්ක ඇහුන පුංචි ඝාන්ටාරගේ හඩ නිසා උන් තැනම නතර වුනා
"ඔ...යා මගෙ තාත්තට වෛර කරන නිසා ද්...දැන් මටත් ව්...වෛර කරනවද සීය...තාත්තේ?"
මෙච්චර වෙලා ඇහුන සීයගේ හඩත් නවතිද්දි එයාගේ කාමරේ ලග උන්න මම ඇතුලට යන්දෝ නොයන්දෝ හිත හිත වද වෙද්දි එකපාරටම කාමරේ ඇතුලෙ ඉදන් වේගෙන් එළියට එයා දුවන් ගියේ මගේ ඇගෙත් හැප්පිලා මාව පස්සට අඩියක් දෙකක් තල්ලු වෙලා යද්දි
YOU ARE READING
වර්ණ 🌈 [YiZhan]
Fanfictionනුබේ ආදරයෙන් පාට වූ මගේ ලෝකය .... 💚❤️ 2023/04/11 2023/11/10