" නැ ඉතින් මේ..ඒක නෙවෙයි කන්න යමුකෝ බන්"
"මට බෑ බන් උබ ගිහින් කාලා වරෙන් මගේ කාඩ් එක අරගන්න.."
මම එහෙම කියද්දි තේනුකයගේ මූණ තැලිච්ච කජු ලෙල්ලක් වගේ වුනා
ඇත්තට මට කන්න බඩ ගින්නක් තිබුන්නැ"අනේ මට උබේ සල්ලි ඕන නැ මට ඕනනම් මම ගිහින් කනවා මම කතා කරේ තනිකමටනේ හොදේ"
යකු මේකට හොස්ස ලගින් මැස්සා යන්න බැ ඩින්ග ඇත්නම් පුපුරනවා
"මට බඩ ගිනි නැ බන්"
" ඇයි උබ හුළංන් බිව්වද ආ?"
"ම්ම් ඒ වගේ තමා"
" අනේ මගුල මට ඕනෙත් නැ එහෙනම් මෙහේ කැෆටේරියා එකෙන්ම කනවා"
"යකු මම නැතුව උබේ උගුරෙන් පහලට කෑම යන්නෙ නැද්ද?"
තේනුකයා කැමති නැ තනියම කන්න මොකද ඒකා කවදාවත් මම වගේ තනිකම විදපු එකෙක් නෙවෙයි ඉතින් හැමදාම මගෙත් එක්ක කෑම කන එක ඒකගේ පුරුද්දක්..
මම දැන දැනම බොරුවට ඒකව අවුස්සන්න හැදුවා" නැ යන්නේ නැ තමා... මාව ආවේස නොකර යමන් ආලෝකයෝ කන්න අහල නැද්ද අර කෑම ඔබේ ප්රථම රාජකාරිය කරගන්න කියලා කතාවකුත් තියෙන්නේ"
මූ රටේ නැති බොරු හදනවා
" කවුද ඒ එහෙම කියන්නේ?"
" කියන කෙනා වැඩක් නැහැනේ යමන්කෝ බොසෝ.."
*
*
*
*පැය ගානක්ම ගත වෙලා ගියේ වැඩ වලට හිරවෙලා උන්න මටත් නොදැනිමයි
වේලාව 5.30 කියලා බිත්ති ඔරලෝසුවේ පෙනෙද්දි ඩිනර් එකට යනවද නැද්ද කිය කිය කල්පනාවට වැටුන මම අන්තිමේට ඕන දෙයක් වෙන්න කියලා යන්න තීරනේ කරේ අම්මවත් මාසගානකින් දැක්කේ නැති නිසා
එයා අසනිපෙන්ලු...ඇගේ හිරි කඩමින් පුටුවෙන් නැගිටපු මම ටේබල් එක උඩ තිබුන වොලට් එකයි කාර් එකේ කී එකයි ෆෝන් එකයි අතට අරගෙන කාමරෙන් එළියට ආවා..
තේනුකයට කිව්වොත් ඕකා චරු චුරු ගානවා යන්න එපා කියලා
මොකද තේනුක දන්නවා ඔය නමට තාත්තා කාරයව හම්බ වුනොත් මගේ මූඩ් අවුල් යන බව අනිවාරෙන්ම
මොකද මිස්ට රාමනායක බලන්නෙම හොදට ඉන්න මගේ ඔලුව කන්නමයි