"වැස්ස"
වැස්සත් එක්තරා විදියකට හරි පුදුමාකාර මායාවක්
කොයි වෙලේ අහස කලු වළාවලින් වහගෙන පුංචි හිරි පොද වැස්සෙ ඉදන් දාරානිපාත වැස්සක් දක්වා වැස්ස වර්ධනේ වේවිද කියන්න දන්නැකෙනෙක්ට වැස්ස හරි ලස්ස හැගීම් දනවන මොහොතක් වෙන්න පුලුවන් විශේෂයෙන්ම ප්රේම කරන යුවලකට වැස්ස කියන්නේ ආදරේ විදින්න පුලුවන් සුන්දරම මොහොතක්... හීතල වැස්සෙ එකිනෙකාගේ තුරුලුට වෙලා ආදරණීය බස් දොඩවන්න..තව ඉතින් කොයිතරම්නම් දේවල්ද
තවත් ගත්තොත් විරහව වේදනාව විදින හදත්වලට වැස්ස කියන්නේ හිත් පාරන හිත ඇතුලෙ තියෙන හැගීම් ඉස්මතුවෙන ඇති තරන් ලෝකයට හොරාවට වේදනාව කදුළු කරන්න පුලුවන් අවස්ථාවක්
ඒ වගේම වැස්ස කියන්නෙ තවත් පැත්තකින් බැලුවොත් මහා පීඩාකාරි දෙයක්.... වැස්සක් නිසා කී දෙනෙක්නම් මනුස්සයෝ විදවනවද එදා වේලේ හම්බ කරගන්න වීදි ගානේ වෙළදාම් කරන මනුස්සයෝ එතකොට ගමන් බිමන් යන එන මනුස්සයෝ කීයෙන් කීදෙනෙක්නම් මේ වැස්සට තෙමිලා අසරණ වෙනවද
ඉතින් මම මේ වෙලාවේ උන්නේ ඔය පීඩාකාරි හැගීම විදින ගමන්
හෙල්මට් එකක්වත් නැතුව පන්ඩිතයා වගේ බයික් එකේ ආපු මම මගක් දුර එද්දිම වැස්සට අහුවුනා ඒකත් හිරිපොද වැස්සක්නම් බැරිය..මේක මහා අකුණු ගගහා වහින දාරානිපාත වැස්සක්...ඒ අස්සෙන් තව ට්රැෆික් එකත් සෙට්වුනා...දැන්නම් දැනෙන සනීපේ කියලා වැඩක් නැ
දැනටමත් හොදටම තෙමිලා ඉන්න මම ආයෙත් නොතෙමි ඉන්න කොහෙට හරි වෙලා වැස්ස ඉවරවෙනකල් බලන් ඉන්න එකේ තේරුමක් නැති වෙද්දි වාහන අස්සෙන් ඉස්සර වුන මම පුලුවන් උපරිම වේගෙන් පාරේ ඉස්සරයට ඇදුනා....ඒත් එකපාරටම
මගෙ නෙතූ මට එන්න කලින් කිව්ව වචන ඔලුවට එද්දි මම මගේ වේගේ අඩු කරා..
"දඩු මොණරේ නැගලා ගියාට කමක්නැ පරිස්සමට හිමින් යන්න හරිද..ගෙදර ගිහින් කතා කරන්න සුදු අයියේ"
කොච්චර තෙමුනත් කමක් නැ මට බැ අවදානමක් ගන්න..මොකද එයා මම ගෙදර ගිහින් කතා කරනකල් බලන් ඉන්නවා කිව්වා