"ර...රාජ්... සුදු අයියේ මේ ඉන්නේ රාජ්"
නෙතු කියද්දි මමත් එයාගේ ෆෝන් එකේ තිබුන ෆොටෝ එක බලලා ආයෙත් පූජගෙ තාත්තා දිහා බැලුවා.. ඔව් ඒ දෙන්නා සමානයි..නෑ සමානයි නෙවෙයි මේ ඒ කෙනාමයි
නෙතු කලබල වෙලා කියලා තේරුනත් මම එයාගේ අත මගේ අතට හිර කරගෙන ලාවට ඔලුව දෙපැත්තට වැනුවේ මොකුත් කරන්න එපා කියන්න
මොකද මෙවෙලේ අපි කලබල වෙලා බෑපූජා අපි එයාව අර කොල්ලෝ ටිකගෙන් බේරගත්තා කියලා කියද්දි රාජ් වගේම පූජගේ අම්මත් හරිම ගරුත්වයකින් අපිට සැලකුවේ...ගෙදරම හදපු කැවලි එක්ක ඉන්දියාවේ ක්රමයට හදපු තේ එකක් බීපු අපි දෙන්නා පූජයි අම්මයි සාලෙන් යනකල් බලන් ඉදලා රාජ් එක්ක කතා කරන්න තීරණේ කරා
"රාජ් මාමට සිංහල පුලුවන් නේ හොදට"
නේතු එහෙම කිව්වේ අපි ලංකාවේ අය බව දැනගත්තු වෙලේ ඉදන් රාජ් අපි එක්ක හොදට සිංහල කතා කරපු නිසයි...ඉතින් එතනින්ම අපිට ඔප්පු වෙනවා මේ ඉන්නේ අපි හොයන රාජ්මයි කියලා
"මම මාත්තයා කලින් එහේ තමා හිටියා..මගේ නෝනා එහේ මම තමා මෙහේ කෙනා..අවුරුදු විස්සක්ම අපි එහේ තමා හිටියේ"
"නියමයිනේ..ඉතින් ආයේ මෙහෙ ආවේ එහේ එපා වුනාද?"
නෙතු විහිළුවෙන් වගේ අහද්දි රාජ් ඉතින් හැමදෙයක්ම වගේ කියන්න ගත්තා..රාජ්ගේ මේ මුලු කතාවම මගේ ෆෝන් එකේ රෙකෝඩින් වෙනවා..මොකද ආයේ අපිට රාජ්ව දකින්නවත් ලැබෙයිද කියන්න අපි දන්නෙ නෑනේ ආයේ පාරක් පැනලා ගියොත් අපි කොහොම කියලා හොයන්නද මේ ඉන්දියාවේ
"අයියයියෝ..එහෙම නෑ මාත්තයා අපි එහේ හරි සතුටින් තමා හිටියා ඒත් අපිට මෙහෙ එන්නම වුනා අපේ පූජාට ඒ කාලේ අසනීපයක් තිබුනා හරි දරුනු ඒ නිසාම මෙහෙ ආවා"
"පූජත් මගෙ වයසෙමයි.."
"යේකතමා මාත්තයා... පූජා වලාගම් නිවාඩුවට තමා ඔය ගෙදර ඉන්නේ"
"රාජ් මාමේ මම දෙයක් අහන්නද ඒකට මට උත්තර දෙන්න මමත් පූජා වගේම ඔයාගේ දරුවෙක් කියලා හිතලා"
"අඩවනේ...මාත්තයා මොකද මේ ඇස්වල කදුලු පුරවගෙන"
නෙතු අපේ හරිම කතාව පටන් ගන්න තැනට ආවා..දැන් තියෙන්නේ රාජ්ගේ කටින් ඇත්ත එළියට ගන්න එක විතරයි...මම හිතන්නෑ ඒක අමාරුවෙයි කියලා මේ මනුස්සයා අහින්සක මනුස්සයෙක් කියලා බැලු බැල්මටම තේරෙනවා
මට දැන්මම හිතාගන්න පුලුවන් වෙච්ච දේ පූජගේ අසනීපේ නිසා අසරණවුන මනුස්සවා සල්ලි නිසා ඒ දේ කරන්න ඇති
YOU ARE READING
වර්ණ 🌈 [YiZhan]
Fanfictionනුබේ ආදරයෙන් පාට වූ මගේ ලෝකය .... 💚❤️ 2023/04/11 2023/11/10