වහිනවා ඉවරයක් නෑ...
උදේ පටන් ගත්තු වැස්ස හවස් වෙලත් කිසි අඩුවක් නැතිව ඇද හැලෙද්දි මෙච්චර වෙලා වැඩ අස්සේ හිර වෙලා හිටපු මම මගේ හිතට පොඩි නිදහසක් දෙන්න හිතාගෙන උණුම උණු දුම්දාන නෙස්කැෆේ කප් එකකුත් අරගෙන මගේ කැබින් එකේ වීදුරු බිත්තිය ලගට ආවා
වීදුරු බිත්තිය වැහෙන්න දාලා තිබ්බ ලා කොළ පාට කර්ටන් එක එහාට කරලා එකම තාලෙට කඩා හැලෙන වැස්ස දිහා බලන් උන්නාමගෙ හිතට කිසි නිදහසක් නෑ
දේවල් ගැන හිතලා හිතලම මගේ ඔලුවත් පුපුරන්න වගේනෙතු කිව්ව විදියට ආශාන් තාත්තා ආදරේ කරපු කෙනාත් නැති වෙලා
ඒ කතාව අහපු වෙලාවේ ඉදන් මගෙ හිතට වද දෙනවා අපේ තාත්තලා දෙන්නා අතර තිබ්බ සම්බන්දේ මොකද්ද කියලාමට හිතෙන දේ හරිනම් ආශාන් තාත්තගේ සිතූ කියන්නේ මගේ තාත්තනම්
එහෙනම් ඒ දෙන්නා ආදරවන්තයෝනෑ නෑ මටත් දැන් විකාර හිතෙන්න අරන් එයාලා අතර එහෙම දෙයක් නෑ ආශාන් තාත්තා කියන්නේ මගෙ තාත්තගේ ලෝයර් විතරයි
"මොනවද මගෙ සුදු අයියා මේ අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කරන්නේ"
"නෙතූ..."
"ඔව් ඔව් නෙතු තමා...මම දැන් ඇවිල්ලත් විනාඩි ගානක් ඒත් ඔයාට දැනුනෙවත් නෑ නේ"
"ආහ් මට මේ වැස්ස දිහා බලන් ඉද්දි මොනවා වුනාද දන්නැ නෙතු....ඔයා කතා කරන්න එපැයි ඉතින්"
"ඔයාට බෑ මට බොරු කරන්න....මොනවා ගැනද සුදු අයියේ කල්පනා කරන්නේ"
"එහෙම දෙයක් නෑ චූටියෝ මම කල්පනා කරේ තායිලන්ඩ් ගමන ගැන එහෙම"
"ඒ ගැනනම් ඉතින් වද වෙන්න දෙයක් නෑනේ අපිට එහෙට යන්න විතරනේ තියෙන්නේ"
YOU ARE READING
වර්ණ 🌈 [YiZhan]
Fanfictionනුබේ ආදරයෙන් පාට වූ මගේ ලෝකය .... 💚❤️ 2023/04/11 2023/11/10