Special chapter

813 69 14
                                    


පහන් pov

අප්පච්චියි පුතයි හොදට නිදි...
ඒ දෙන්නව හොදට උණුහුම් වෙන්න බ්ලැන්කට් එක පෙරවපු මම සද්ද නොකර බැල්කනියට ආවා..

තාම පාන්දර...පාන්දර කියන්නේ එළිය වැටෙන්න තියා හිතලවත් නෑ..
බැල්කනියේ අත් වැටට හේත්තු වුන මම අහස පුරා පායලා තියෙන තරු දිහා බැලුවා...

අවුරුදු දෙකකට පස්සේ මම ආයෙත් ජීවත් වෙනවා වගේ දැනෙනවා...

මට මිශෙල්ව පේන්න බැරිවුනත් මම එදා දවස වෙනුවෙන් මිශෙල්ට ස්තූති කරනවා...මොකද එදා එයා මගෙත් එක්ක එහෙම හැසිරුන නිසානේ මට මගේ කේන්ති කාර සුදු අයියව බලාගන්න පුලුවන් වුනේ...

එදා කේන්තියෙන් කෑ ගහපු සුදු අයියා මගේ අතට මාලේ ගුලිකරලා යන්න යද්දි මට දැනුන හැගීම... මම අදටත් දන්නැ ඒක විස්තර කරන්න..

එයා එදා මට කිව්ව අන්තිම වචන ටික තාමත් මගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා වගේ

"හොදම දේ උබව මගේ ඇස්වලට නොපෙනෙන්න මම මැරිලා යන එක... කොහොමත් උබ වෙන කෙනෙකුගෙ වෙනවා බලන් ඉන්න මගේ පපුව පැලිලා යයි... ඉතින් මගේ චූටියෝ උබට මේ සුදු අයියව මතක් කරගන්න මම පැය විසිහතරක් දෙන්නම් හරියටම දවසක්... පුලුවන්නම් උබට පිස්සුවෙන් ආදරේ කරපු මේ මාව මතක් කරගනින් මැණික නැත්තන් ඊලග දවසේ උබට මගේ මලගම ආරංචි වෙයි එදාට මගේ පෙට්ටිය බදන් ඇඩුවට වැඩක් නෑ මම එතකොට උබගෙන් ගොඩක් ඈතට ගිහින් ඉවරයි....."

ඒ වචන අදටත් මගේ පපුව හිරකරවනවා..

එයා එදා යන්න ගියේ ලිහාගන්න බැරි ගැටයක මාව හිරකරලා..

මට එදා තිබුනේ පැය විසිහතරයි....හැමදේටම එයා කියන්න හදන දේ තේරුම් ගන්න..මට අමතක වුන එයාව හොයාගන්න.. ඒ පීඩනය නිසා මම තනිකර හැසිරුනේ පිස්සුවෙන් වගේ... මම මුලින්ම කරේ මට මගේ කියලා ලග ඉන්න මගේ අයියව හොයන් ගියපු එක..

මම අයියව බදාගෙන ඇඩුවා..මගේ කදුලු හිදෙන තරමටම මම ඇඩුවා... මගේ ඔලුව ඇතුලේ එක එක කටහඩවල් ඇහෙනවා මට ඒත් ඒවා හරියට ගලපගන්න තේරෙන්නැ...එතකොට මම නිතරම දකින හීන...ඒවගෙන් කියන්නේ මොකද්ද මට අමතක ඒ කෙනා එයාමද කියලා හිතාගන්න බැරුව මම අසරණ වුනා... මගේ ඔලුව පුපුරන්න වගෙයි හට දැනුනේ.. ඊටත් වඩා මගේ හිත රිදෙනවා නොසෑහෙන්න මට දැනුනේ මට වටිනම දෙයක් මගේ ලග නෑ වගේ හරිම හිස් බවක් ඒක..මහා මූසල හැගීමක්

වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now