1 කොටස

1.5K 56 8
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

1 කොටස

"මේ ඇඩ්‍රස් එකට හරියටම උදේ අට වෙද්දි ඇවිල්ලා ඉන්න.විනාඩියක්වත් පරක්කු වෙන්න එපා"

අත රැඳි දුරකථන තිරයෙහි දිස් වන පණිවිඩය කීප වරක්ම කියවූ සරසි දුරකථනයෙහි සහ අත බැඳි කලු පැහැති කුඩා අත් ඔරලෝසුවෙහි ද වෙලාව සන්සන්දනය කර බැලුවාය.උදෑසන අටට තව විනාඩි කීපයක් ඉතිරිව ඇත.නියමිත වෙලාවට පැමිණියද ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.ඊටත් වඩා ඇගේ හදවත චකිතයකින් වෙලුනේ කෙටි පණිවිඩයෙහි සඳහන් වූ ලිපිනයට අදාළ නිවස ඉදිරියෙන් ඇති විසල් ශ්වේත ගේට්ටුව දැකීමෙනි.ගේට්ටුව එතරම් විශාල නම් එයින් එපිට ඇති නිවස කෙබඳුදැයි ඇය මවාගත්තාය.රෝස පැහැති ස්කූටරයෙන් බැසගත් ඇය තාප්පයෙහි තිබූ විදුලි සීනුවෙහි කුඩා බොත්තම එබුවාය.එයට පිළිතුරු වශයෙන් මැදිවියේ මිනිසෙකු ගේට්ටුව අසලින් මතු වූයේ ඇයව තරමක් තිගස්සවමිනි.

"ඇයි??"

දෙනෙත් සිහින් කරමින් යුවතිය දෙස බැලූ මිනිසාගේ හඬෙහි විශේෂයක් නොවූවද ඔහුගේ සිහින් වූ දෙනෙත් ඇය වෙත යොමුව තිබුණේ නොරිස්සුමකිනි.ඔහු ඇය දෙස බැලුවේද කරදකාරයෙකු දෙස බලන පරිද්දෙනි.

"මංජරී මැඩම් ඉන්නවද?"

ඇය මිමිණුවේ සෙමිනි.ඒ නම සිය මුවින් පිට කිරීම පවා ඇයට අපහසුවක් ගෙන ආවේය.

"ඔව්.මොකක්ද වෙන්න ඕනේ?"

"මේ..අර..මැඩම් පර්සනල් නර්ස් කෙනෙක්ව වෙන් කරගෙන තිබුණා.මම ආවේ ඒකට"

සරසි මිමිණුවේ අපහසුවෙනි.මැදිවියේ පුද්ගලයාගේ තියුණු දෙනෙත් එය විශ්වාස කරගත නොහැකි බැල්මකින් ඇගේ හිසේ සිට පාදාන්තය දක්වා කිහිප වරක්ම ගමන් කළේය.යුවතිය සිය දෑඟිලි එකට පටලවා ගත්තේ ඔහුගේ පමාව සහ බැල්මට සිතින් බනිමිනි.

'බලන කැත විතරක් මේ හිපාටුවා'

මුවේ සිහින් සිනහවක් තැවරුනද ඇගේ සිත වූයේ ඔහුට බනිමිනි.ගේට්ටුව විවර වූයේ ඊටත් මොහොතකට පසුවය.සරසි නැවත යතුරු පැදියට ගොඩ වූවාය.පණ ගන්වාගත් යතුරු පැදිය විසල් ගෙවත්තට ඇතුළු කළ ඇය එය නතර කළේ නිවස ඉදිරියෙන්මය.ආරක්ෂිත හිස් වැසුම ගලවා දැමූ ඇය ගෙවත්ත දෙසට බැල්මක් හෙලුවාය.එය සුන්දරය.මනාව නඩත්තු කළ විසිතුරු මල් පැළ වලින් එය අලංකාර කර තිබුණි.පැරණි වලව්වක හැඩගත් නිවස මෑතකදි සම්පූර්ණයෙන්ම නවීකරණය කර ඇති බවක් ඉසිලීය.සරසිට කෙළ පිඬක් ගිලුණි.ඉදිරියට ඇති රහස් මෙහෙයුම ගැන ඇගේ සිතට වද දෙන්නට විය.නමුත් එය කළ යුතුමය.තමා එයට එකඟ වූයේ එය ඉශ්ඨ කරන බවට සපථ කරමිනි.නිවසේ ද්වාරය විවර කර තිබුණද ඇය ඒ අසලම සිටගෙන සිටියාය.මෙහෙකාරියකයැයි කිව හැකි කාන්තාවක ඇය ඉදිරියට ආවේ එවිටමය.

🧜දිය කින්නර🧜Where stories live. Discover now