9 කොටස

269 25 9
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

9 කොටස

සරසි සිටියේ නිදිවර්ජිතවය.මංජරී තබන්නට හදනා පියවර ගැන ඇය බිය වූවාය.ආරාධ්‍යා බණ්ඩාර නමින් මුහුණු පොතෙහි ඇති ගිණුමෙහි පළ කර ඇති ඇගේ සොඳුරු ඡායාරූපයක් දෙස සරසි බලා සිටියේ ගැහෙන හදිනි.ඇය සුන්දරය.වැදගත් පවුලකට අයත් බව කීමට තරම් ලක්ෂණ ඇගේ උවනේ විය.ඇය පළ කර ඇති සෑම ඡායාරූපයක්ම සරසිට යාමට තියා සිතීමටත් නොහැකි ධනවතුන්ට පමණක් පා තැබිය හැකි ලොවකට අයිති පසුබිම් වලින් සැරසී තිබුණි.කිනුරු අයිතිද ඒ ලොවටය.තමාව ඔහු ඒ ලොවට ඈදා ගත්තා මිසක් ඇය කෙදිනකවත් ධනවත් පවුලක තරුණයෙක් ගැන සිහින නොදැක්කාය.සරසිට නින්ද අහිමි වූයේ එබැවිණි.ආරාධ්‍යා කුමනාකාරයේ චරිතයක් වූවද ඇය තමාට වඩා කිනුරුට සෑම අතින්ම ගැළපෙන බව සරසිගේ සිත මුමුණන්නට විය.ඇගේ මුවින් ගලා ගිය සුසුම් බොහොමයකි.

පාසල් යාමට අවදි වූ නදීපට රේණුකා බැණ වදින අයුරු ඇසී සරසි තිගැස්සී මෙන් අවදි වූවාය.ඇය කලබලයෙන් මෙන් දුරකථනයේ වෙලාව පරීක්ෂා කළාය.වෙනදා අවදි වන වෙලාව පසු වී ඇති බව දැනගත් සරසි ඇඳෙන් පැන්නාය.

"වේලාසනක නැඟිටලා ගිහින් පුරුද්දක් නෑ.දැන් ඉතින් පස්ස කැඩුණු කඩියා වගේ දඟලනවා"

රේණුකාගේ බැණුම් ගණනකට නොගෙන නදීප සිය මේස් ජෝඩුව සොයමින් සිටියේය.සාරිය පිටින්ම රේණුකා බත් මුලක් බඳිමින් සිටියාය.

"මට බණින්නේ අර අක්කාටත් බනින්නකෝ..එයාත් ලේට්නේ.."

"මගෙන් මුකුත් අහගන්නේ නැතිව ඉක්මනට ලෑස්ති වෙලා අක්කා එක්ක යනවා..."

රේණුකා සූදානම් වී දයාන්ගේ යතුරු පැදියේ නැඟී ගියේ ඒ යන අතරතුරේද නදීපට බැණ වදිමිනි.

"අක්කේ..එනවකෝ..."

"ටිකක් ඉන්න.."

වෙනදා මෙන් සරසිගේ හඬ උස්ව නොඇසුණි.ඇය සිය ගමන් බෑගයද රැගෙන දොර වසා දමා යතුර සැඟවූයේ නදීප එළියට වී බලා සිටිද්දීය.ඇය ආරක්ශිත හිස් වැසුම දමාගද්දී නදීප ඇගේ මුහුණට එබුණේ ක්ශණයෙනි.

🧜දිය කින්නර🧜Where stories live. Discover now