කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🧜 දිය කින්නර 🧜
12 කොටස
කිනුරු බලා සිටියේ තම දෑත මත වූ ආරාධ්‍යාගේ පැහැපත් දෑත් දෙසය.ලා රෝස පැහැයෙන් වර්ණ ගන්වා තිබුණු ඇගේ නිය සැබැවින්ම අලංකාරය.සුන්දරය.වටිනා රත්‍රං පළදනාවත් ඒ පැහැයෙන්ම වූ අත් ඔරලෝසුවත් ඇගේ දෑත් වල සුන්දරත්වය වැඩි කර තිබුණි.නමුත් ඒ දෑත් වල සරසිගෙන් දැනෙනා ලෙංගතු උණුසුම නොදැනෙන බව කිනුරු පසක් කරගත්තේය.ඔහු හෙමීට ඇගේ දෑත් වලින් තම දෑත් මුදවාගත්තේය.ආරාධ්‍යාගේ මුව මැලවී යන්නට වූයේ ඔහුගේ ක්‍රියාව හමුවේය.
"ඔයා කාගේවත් ඔප්ශන් එකක් වෙන්න ඕනේ කෙල්ලෙක් නෙමේ ආරාධ්‍යා..මට ආදරේ කරන්න කෙල්ලෙක් ඉන්නවා කියලා මම කිව්වේ බොරුවට නෙමේ"
විනාඩි කිහිපයක් තිස්සේ දෙදෙනා අතර වූ කතා බහට ඔහු එම වැකියද එකතු කළේය.ආරාධ්‍යාගේ මුවින් බරැති සුසුමක් පිට වූයේ ඔහු එකී කරුණ නැවත නැවත පවසන නිසාය.
"ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවා නම් ඇයි කිනුරු මංජරී ආන්ටිට ඒක නොකියන්නේ?එයා ඔයාව මට ප්‍රපෝස් කරනකන්ම ඔයා බලන් උන්නේ මොකටද?"
කිනුරුගේ මුවේ ඔහු කෙරෙහිම ඇති වූ අනුකම්පාවට මුව අගින් සිනහවක් විසිරී ගියේය.
"මගේ අම්මා තාන්න මාන්න ඔලුවේ තියන් ඉන්න කෙනෙක් ආරාධ්‍යා.එයා හෙව්වේ එයාගේ කාස්ට් එකට,රිලිජන් එකට,වෙල්ත් එකට ගැළපෙන කෙනෙක්ව..අර මුල් දෙක ගැළපුණත් වෙල්ත් එක පැත්තෙන් එයාව අම්මාට මදි වෙන බව මම දන්නවා.අම්මා අත්තම්මා වගේ ෆ්ලෙක්සිබල් කැරැක්ටර් එකක් නෙමේ..එයාගේ ඒ තීරණ අක්කාගේ ජීවිතේටත් බලපෑවා.මම කියන්නෙ නෑ මාත් එක්ක මැරීඩ් ලයිෆ් එකක් ගෙනියන්න තරම් ඔයා සුදුසු නෑ කියලා.මගේ ජීවිතේ මගේ කෙල්ල නොහිටියා නම් මම සමහරවිට මේ ප්‍රපෝසල් එකට කැමති වෙන්න තිබුණා.සමහරවිට අපි දෙන්නා ගැළපෙන්නත් ඉඩ තිබුණා.ඒත් මම මගේ කෙල්ලට බැඳිලා ඉවරයි ආරාධ්‍යා.එයාව මගේ මුලු ජීවිතේම කරගෙන ඉවරයි.එයාට දුන්නු පොරොන්දු,එයා මං ගැන තියන් ඉන්න විශ්වාසය කඩන්න මට බෑ..."