6 කොටස

371 27 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

6 කොටස

"එතකොට ඒ ෆොටෝ එකේ ඉන්නේ අත්තම්මාගේ අක්කාද?"

සරසි සිටියේ ඛේමාගේ දෙපා සීරුවට සම්බාහනය කරමිනි.වයස හැත්තෑ පහක් ඉක්මූවද ඛේමා හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පසු වූවාය.ඇගෙන් වයස හැත්තෑවක් ඉක්ම වූ පෙනුමක් පෙනෙන්නට නොවීය.සැබෑවටම සුලු සුලු අමාරුකම් ඇරෙන්නට ඇය මංජරීටත් වඩා නීරෝගීව සිටියාය.

"ඒක නේන්නම් මෙච්චර වෙලා කිව්වේ දරුවෝ..අනේ මන්දා මේ කෙල්ලව අරකා කොහෙන් අහුලගත්තද කියලා"

ඛේමා අවසන් වැකිය මිමිණුවේ චෝදනාවක පරිද්දෙනි.සරසිට සිනහවක් නැඟුණි.ශාලි කියූ පරිදිම ඇය මංජරීට වඩා හාත්පසින් වෙනස්ම චරිතයකි.

"මම ඇත්තටම බය වුණා අත්තම්මා.මට කිනුරු කියලා තිබුණේ නෑනේ එයාගේ අත්තම්මා නිවුන්නු කියලා.."

"ඕකා කියයි වැදගත් දෙයක්..."

ඉතින් ඛේමාගේ චෝදනාව යොමු වූයේ කිනුරුටය.ඔහුගේ වෙලාවට ඒ වනවිට දෙදෙනාට කතා බහ කරගන්නට ඉඩ දී ඔහු නැවත සිය කුටියට ගොස් සිටියේය.

"මගෙ අක්කා නැති වුණේ නිලංග නැති වෙන්න අවුරුද්දකට කළියෙන්.මගෙ කොල්ලා මටත් වඩා ආදරෙන් අක්කාව බලාගත්තේ.මොළේ ටිකක් හොඳ නැති උනාට අක්කාත් නිලංගට පණ ඇරලා.අන්තිමට ඒ දෙන්නාම ගියා..මාව තියලා"

ඛේමාගේ දෙනෙත් වල කඳුලු නොවුණද ඒ හඬ සුපුරුදු රටාවට වඩා වෙව්ලන සුලු විය.සරසිට ඊට ප්‍රතිචාරයක් දක්වන්නට සිතක් නොවිණි.වියපත් ඇගේ සිත වෙනතකට යොමු කළ යුතු බව සරසිට හැඟුණි.තවත් තෙල් ස්වල්පයක් අතට ගත් ඈ ඛේමාගේ දණිස්ස මතින් සිය දෑත් සීරුවට ගෙන ගියාය.

"අක්කි කිව්වා අත්තම්මා මංජරී මැඩම්ගේ නැන්දා කියලා.මංජරී මැඩම් පොඩි කාලෙත් ඔය වගේ ආඩම්බරද?"

ඒ වන විට සරසිට ඛේමාවත් ඛේමාට සරසිවත් හිතට අල්ලමින් තිබුණේය.සරසි සිය මුණුබුරුට ගැළපෙනම යුවතිය බව ඛේමාට ඒ වනවිටත් ප්‍රත්‍යක්ෂ වී තිබුණි.ඇය එය තේරුම් ගත්තේ යුවතියක් සැනසවීමට නොදත් දරදඬු ඔහු සරසි සිහි නැති වී සිටින විට ඇයට සැළකූ අයුරෙනි.තමාව දැක ඇය බිය වේ යැයි ඛේමා නොසිතුවාය.සිය දඩබ්බර මුණුබුරුගේ සිත ගත් යුවතියව දකින්නට ඇය ඇඟිලි ගනිමින් සිටියේ ඔහු ඇය ගැන පැවසූ දා සිටමය.නමුත් මුල්ම හමුවීම නොසිතූ පරිදි අවසන් විය.ඇය සිහි නැති වී වැටුණු මොහොතේ කලබල විය යුතුව තිබුණද ඇය ඉතාමත් සන්සුන්ව සිය කුඩා ජංගම දුරකථනයෙන් කිනුරුට ඇමතුමක් ගත්තාය.ඔහු කුටියට ආ වේගයට ඔහුගේ සිතේ යුවතිය සිටිනා තැන ගැන ඛේමා වටහාගත්තාය.ඉතින් දැන් සරසිව ඇය සිය මිණිබිරියක් කරගෙන අවසානය.

🧜දිය කින්නර🧜Where stories live. Discover now