කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🧜 දිය කින්නර 🧜
13 කොටස
සුහර්ශාලි බලා සිටියේ විනාඩි කීපයක සිට ඉකි බිඳින හුරුබුහුටි යුවතිය දෙසය.ඇගේ නාසය රත් පැහැ ගැන් වී තිබුණි.දෑස් වටා අඳුරුව ගොසිනි.ඇය සිටින්නේ වේදනාවෙන් බව පැවසීමට තවත් සාක්ශි අනවශ්යය.
"දුකෙන් හරි තරහෙන් හරි ඉන්න වෙලාවට වචන පිට කරද්දි සිය දහස් වතාවක් හිතන්න ඕනේ සරසි..මල්ලි අච්චර පැහැදිලි කරලත් ඇයි ඔයා එයාගේ තරහා ඇවිස්සුවේ?"
ශාලී ඇසුවේ සන්සුන් ස්වරයකින් වුවද එහි දෝශාරෝපණයක් ගැබ්ව තිබුණි.
"මල්ලිට කේන්ති ගියාම එයාව සන්සුන් කරන්න සෑහෙන්න අමාරුයි සරසි.ඔයා ඔය කියලා තියෙන දේවල් වල හැටියට කනට එකක් නොදී අත ඇරිය එකම ලොකු දෙයක්..."
සරසි ඇඟිලි තුඩු වලින් නෙතු පිස දැම්මාය.මංජරී සිටින නිවසේ හඬන්නට නොහැකි නිසාම ඇය සිය ඉකි බිඳුම පාලනය කරගත්තාය.ඇගේ හැසිරීම ඉදිරියේ ශාලිට ඇය කෙරෙහි දැනුණේ දුකකි.ආදරයක් නිසා ඇයද ඔය ආකාරයෙන්ම හඬා වැටුණු දිනයන් තිබුණි.හඬන්නට හේතු වූ කාරණා වෙනස් වූවද වේදනාව වේදනාවමය.
"කෝල් ආන්සර් කළේම නැද්ද?"
ශාලි ඇය කළ කී දේ ගැන දොස් තබනවා වෙනුවට සරසිට වෙනත් පැණයක් ඉදිරිපත් කළාය.සරසි හිස දෙපසට සැලුවේ නැතැයි පැවසීමටය.
"එතකොට මැසේජ්??"
"සීන් කරලවත් නෑ..."
සරසි ආයාසයෙන් පවසා දැමුවාය.ශාලි හුස්මක් ඉහළට ඇද්දේ කිනුරු කේන්තිකාරයෙක්,හිතුවක්කාරයෙක් බව දන්නා නිසාමය.
"එයා..කොහොමද අක්කී...එහෙම ඉන්නේ??මම ආරාධ්යා ගැන කියෙව්වා තමා.ඒත් එහෙම..කිව්වේ හිතේ දුකට මිසක්...එයාව නැති කරගන්න නෙමේ..ඒත්...ඒත් එයා දවස් තුනක් තිස්සේ..මම කියලා නැති ගාණට සද්ද නැතුව ඉන්නවා.අඩුම උදේට යන්න කළින් මගෙ දිහා බලන්නෙවත් නෑ...එයා කිව්ව දේ ඒ විදියටම කරයි අක්කී..එයා ආරාධ්යා මිස්ව..මැරි කරාවි..."
ඇය නැවත ඉකි බින්ඳාය.ශාලි සරසිගේ අතක් තද කර අල්ලා ගත්තේ ඇගේ හීල්ලුම දරාගත නොහැකි තැනය.