3 කොටස

426 28 2
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

3 කොටස

"ඒ ගිය තැන හොඳ ද දුවේ?"

සරසි හිස එසෙව්වේ සිය මෑණියන්ගේ හඬට ය.රාත්‍රී ආහාරය ගනිමින් සිටි සරසි සිය මවට හෙලුවේ හොර බැල්මකි.ඒ හොර බැල්ම වැටහුණේ ඇගේ බාල සහෝදරයා වූ නදීප ට පමණකි.

"වරදක් නෑ අම්මේ.."

බත් කටක් ගිලමින් සරසි අපහසුවෙන් මුමුණාගත්තාය.ආලින්දයේ රූපවාහිනිය දෙස නෙතු යොමු කරගෙන සිටියද සරසිගේ පියා වන දයාන් මැදගෙදර වූයේ ඔවුන්ගේ කතා බහට අවධානය යොමු කරගෙනය.

"සැලරි එක මොකද?කතා කරගත්තද?"

"ඔව් අම්මේ.මැඩම්ගේ දුව ඔක්කොම පැහැදිලි කරලා කිව්වා"

"හොඳ සල්ලිකාරයෝ වෙන්න ඇති නේද?"

සරසි බත්පිඬ ගිලගත්තේ අමාරුවෙනි.ඔවුන්ට ඇති වත්පොහොසත්කම් ගැන දවසක් වුවද කතා කළ හැකිය.නමුත් සරසිගේ මුව ගොලුව යන්නේ ඇය සේවයට ගියේ තම පෙම්වතාගේ නිවසටම බව ඔවුන්ට කියා ගත නොහැකිවය.ඔවුන් දන්නේ කිනුරු මුදල් වලින් හිඟයක් නැති හොඳ පවුලක අයෙකු බව පමණකි.ඔවුන් මුලු නගරයම හඳුනන බලවතුන් බව දන්නේ නම් දෙමාපියන් මේ වනවිටත් මේ සබඳතාවයට තිත තබා අවසානය.අතිශය සාමාන්‍ය පවුලක් වන ඔවුන්ට එවැනි පවුල් පසුබිමක අයෙකු සිය පවුලට සම්බන්ධ කරගැනීම සිහිනයකි.සිය සහෝදරිය අපහසුතාවයට පත් වන බව තේරුම්ගත් නදීප ඇයට සහාය වන්නට සිතුවේය.

"ලෙඩට බේත් ටික අතට ගෙනත් දෙන්නම විතරක් බර ගාණක් පඩි ගෙවලා නර්ස් කෙනෙක්ව ගන්නේ සල්ලි තියෙන නිසා නේන්නම් අම්මේ.ඕකත් මරු රස්සාව ඕයි අක්කේ..නිකන් ඉඳන් හම්බකලෑකි"

අවසාන බත් කට අනමින් නදීප පැවසුවේ සරසිට ඉඟිමරමිනි.

"නිකන් ඉන්නේ කොහෙද ළමයෝ?බේත් දෙනවා කියන්නේ සෙල්ලමක් නෙමේ.අනික මොන තරම් කැපකිරීමක් කරලද අක්කා ඔතනට ආවේ?"

නදීප විහිලුවෙන් පැවසූ කතාවට කෝප ගත්තේ රේණුකාය.

"හ්ම්ම්..හ්ම්ම්..හෙනම කැපකිරීමක් කරලා තමා"

🧜දිය කින්නර🧜Where stories live. Discover now