20 කොටස

390 33 7
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

(වචන වල අඩුපාඩු,ව්‍යාකරණ දෝෂ මඟහැරලා රසවිඳින්න)

20 කොටස

සිය කුටියට විවර වූ සඳලුතලයට වී දුරකථනය සවනේ තබාගෙන සිටි කිනුරු සිටියේ තමන්ට ඇසුණු දේ අදහාගත නොහැකිවය.ඔහු තමන්ගේ ඇඟිලි වලට මැදි වී තිබුණු දුම් වැටියෙන් තව උගුරක් ඇද දැම්මේ ඇති වූ සියුම් කම්පනයටය.

"උඹ දාර නයෙක් නෙමේ නේද ඔය අරින්නේ?"

"පිස්සුද යකෝ?මම මේ දැන් ගෙදර ආව ගමන් අම්මා කිව්ව විස්තරේ අහලා ශොක් වෙලා ඉන්නේ.මොකක් හරි හේතුවක් නිසා උඹලගේ අම්මාගේ හිත වෙනස් වෙලා..අඩෝ..මේ..මාව තාම ගැහෙනවා යකෝ..මිසිස් හිට්ලර් ගෙදරටම ඇවිත් දුවව දෙන්න කැමතියි කිව්වම මාව මැරුනේ නැති ටික විතරයි..."

ශයෙත්ගේ හඬේ ඒ තරමටම උද්‍යෝගයක් තිබුණි.ඔහු සිටියේ සතුටිනි.කිනුරු සිටියේ අදහාගත නොහැකි ස්වරූපයකින් වුවද ඔහුද සිටියේ වචනයෙන් කිව නොහැකි සැනසීමකිනි.

"මට මුකුත් හිතාගන්න බෑ බං..අක්කා දන්නවද?"

"එයා දන්නවා නම් උඹටයි මටයි මේ වෙනකොට ඕක කියලා බං..මට පේන්නේ ආන්ටි කාටවත්ම නොකියා අපේ දිහා ඇවිල්ලා තියෙන්නේ.."

එවර ශයෙත්ගේ හඬ බැරෑරුම් ස්වරූපයක් ගන්නට විය.

"තව ටිකක් ඉවසපන්..ඊගාවට ඉන්නේ උඹ..මම හිතන්නේ ආන්ටි තේරුම් අරන් ඉන්නේ..සරසිට කතා කරපන්.."

කිනුරු දීර්ඝ සුසුමක් පහළට හෙලන්නට වූයේ ඇය ඔහුත් සමඟ වූ සම්බන්ධයට තිත තැබූ අයුරු සිහි කරමිනි.ඇය කරන්නේ විහිලුවක් නොවන බව කිනුරුට වැටහුනේ දිනක් දෙකක් ගිය පසුත් ඇගෙන් කෙටි පණිවිඩයක්වත් නොමැති වද්දීය.ඔහු ඇයට දුන් දඬුවමට වඩා දරුණු ගණයේ දඬුවමක් ඇය ඔහුට දී තිබුණි.

"මට පේන්නේ ඒකි හිත හදාගෙන ඉවරයි ශයා..අහිංසකකමට හිටියට ඒකි මහ ගලක් වගේ කෙල්ලෙක්.."

"පිස්සු කියවන්න එපා කිනුරුවා..ඒකි ගැන උඹ අපි කාටත් වඩා දන්නවා.ආන්ටි අසනීප උනේ ඒකි නිසා කියලා හිතුව එකට සාධාරණ හේතු තියෙනවනේ..මේ...මම ශාලිට කෝල් එකක් අරන් විස්තරේ කියලා ඉන්නම්.."

🧜දිය කින්නර🧜Where stories live. Discover now