16 කොටස

435 31 7
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

(අකුරු අඩුපාඩු ඇති.ප්‍රවේසමෙන් කියවන්න)

🧜 දිය කින්නර 🧜

16 කොටස

සරසිගේ මුලු සිරුරම වෙව්ලන්නට විය.ඇය කිනුරුගෙන් පියවරක් එහාට තැබුවද කෙළින් සිට ගැනීමට වාරුව අහිමි වනාවක් මෙන් දැනෙද්දී ඇය ඔහුගේ බාහුවක් වැරෙන් අල්ලා ගත්තාය.සෝෆාවට හේත්තු වී සිටි කිනුරු විශ්මයෙන් යුතුව කය ඍජු කරගත්තේ මංජරී දෙසම බලාගෙනය.ඔවුන් මෙතරම් ඉක්මනට පැමිණේවි යැයි ඔහු බලාපොරොත්තු නොවූවේය.බියක් දැනුණේ සරසි ගැනය.කිසිදු කලු පැල්ලමක් නොමැතිව ඇයව නිවසින් පිටත් කර හැරීමට තීරණය කළද එය අනපේක්ශිත ලෙස වෙනස් විය.දැන් තමා කුමක් පැවසුවද මංජරී ඇය දෙස වපර ඇසින් බලනා බව කිනුරුට විශ්වාසය.කුමක් පවසන්නදැයි සිතාගත නොහැකිව සිටින මොහොතක මංජරීගේ වේගවත් පියවර කිනුරු දෙසට ඇදෙන්නට විය.සරසි බියෙන් හැකිලුනේ දැන් දැන් ඇගේ කම්මුල මතට ප්‍රහාරයක් බලාපොරොත්තුවෙනි.

චටාස්...

සරසිට හැඬුනි.ඒ, එම කම්මුල් පහර තමාට වැදුනු නිසා නොව සිය පෙම්වතාගේ කම්මුලට තදින් එල්ල වුණු බැවිණි.මංජරී කිසි දිනෙක ඔහුට ශාරීරික දඬුවම් ලබා දී තිබුණේ නැත.එම නිසාම ඒ ප්‍රහාරය මවගේත් පුතුගේත් දෙදෙනාගේම සිත් රිදවන්නට සමත් විය.

"අනේ මැඩම්..."

සරසිට මිමිණුනි.එය කිසිවෙකුගේ සවනත වැකුණාදැයි සැක සහිතය.මංජරීගේ වේගවත් සුසුම් පොද කිනුරුගේ ගෙලට දැනුණි.ඇයට නිවිහැනහිල්ලේ කියන්නට සිතූ කාරණය ගිනි ඇවිලුණු නිමේෂයක පවසන්නට සිදු වේයැයි ඔහු නොසිතුවේය.

"උඹ..මේ නිසාද මේ ප්‍රපෝසල් එක රිජෙක්ට් කළේ කිනුරු??"

මංජරී ඔහුගේ කොළරයෙන් අල්ලා ගත්තාය.ඇගේ අත වෙව්ලන බව කිනුරුටද දැනුණි.

"උඹට මෙයාත් එක්ක මඟුල් නටන්න ඕනේ නිසාද අර කෙල්ලව එපා කිව්වේ?"

ඇගේ හඬ නිවස පුරාම දෝංකාර දෙන්නට වද්දී මුලුතැන්ගෙයි සිටි ප්‍රියංගා කරමින් සිටි කාර්‍යයද නතර කරමින් ඒ දෙසට පැමිණ එබිකම් කර බලන්නට වූවාය.

🧜දිය කින්නර🧜Where stories live. Discover now