21 කොටස - අවසානය

490 40 19
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

(අඩුපාඩු ඇති.ඒවා නොසළකා කියවන්න)

21 කොටස
(අවසානය)

"අම්මා..ලෑස්තියි නේද?යමුද?සරසිලාත් එන ගමන් කිව්වා"

ක්‍රීම් පැහැති අලංකාර ඔසරියකින් සැරසී ආලින්දයේ බිත්තියක එල්ලා ඇති නිලංග රත්වත්තේගේත් ඇගේත් මංගල ඡායාරූපය දෙස බලාගෙන සිටි මංජරී කිනුරුගේ හඬින් හිස හැරෙව්වාය.නිලංගගේම හැඩහුරුකම් සහිත වූ කිනුරු ගාම්භීර ලීලාවෙන් එන අයුරු දැක ඇගේ මුවට සිහින් සිනහවක් නැඟුණි.

"මම ලෑස්ති වෙලා ගොඩක් වෙලා..ඔයාගේ අත්තම්මා තමා පරක්කු.."

මංජරී පියවරක් දෙකක් ඉදිරියට තබා ඔහුගේ බ්ලේසරය සැකසුවාය.ඇයට මතක් වූයේ ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර ලාංඡන පැළඳි දිනයය.එදිනට වඩා වසර ගණනක් ඉදිරියට ආ නමුත් ජාන වලින් ලද ඔහුගේ ගාම්භීරත්වයට කිසිදු හානියක් වී නොතිබුණි.

"එයාත් එක්ක පැටලෙන්නෙ නැතුව බෑ නේද?"

කිනුරුද සිය මවගේ අගස්ති මාලය සැකසීය.නිවසේදීම තවරාගත් වත්සුණු ඇගේ උවන එළිය කර තිබුණි.හිසකෙස්ද ඇය විසින්ම පිළිවෙළකට සකසා තිබුණේ ගෙල මුලට ගෙඩියක් ආකාරයෙන් පහත් කර බඳිමිනි.ඉතින් ඇය තුළ සරසිටත් වඩා අමුතු සුන්දරත්වයක් ඇති බව කිනුරු අවිවාදයෙන්ම පිළිගත්තේය.

"අම්මා වෙහිකල් එකට යන්න..මම අත්තම්මාවයි ප්‍රියංගාවයි එක්කන් එන්නම්.."

එයට එකඟ වූ මංජරී රන් පැහැ ගත් කුඩා බෑගයද රැගෙන ප්‍රධාන ද්වාරය දෙසට පියවර තැබීය.ඔවුන් රැගත් රිය විනාඩි තිහකට පමණ පසු අලංකාර දේවස්ථානයක් ඉදිරියෙන් නතර වද්දී සියලු දෙනාම ඉන් බැස ගනිමින් මඳක් කල් මැරුවේ ඡායාරූප ගැනීම සඳහා පිටත්ව සිටි මනමාල යුවළ පැමිණෙන තුරුය.සුදු පැහැති චාම් මංගල ඇඳුමකින් සැරසී සිටි සුහර්ශාලි ඇයට වෙන් කළ රථයෙන් පැමිණි පසු මංජරී ඇය දෙස උවමනාවෙන් බලන්නට වූවාය.දෑස් කෙවනි තෙත් කරමින් කඳුලු පටලයක් උනා ආවද ඇය සුන්දර සිනහවකින් මුව සරසා ගත්තාය.ශාලුගේ දිගු කෙස් කළඹ සරල මෝස්තරයකට සකසා තිබුණි.ශයෙත් සහ ශාලි දෙදෙනාම එක්ව එලෙස කතිකා කරගත්තේ දේවස්ථානයෙන් පිට වූ වහාම පෝරුවේ චාරිත්‍ර සඳහා ඔසරියකින් හැඩ වීමට ඇය ආස කළ නිසාය.එ නිසාම ශයෙත් ඇගේ ආසාවන්ට මුල් තැන් දෙන්නට විය.යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටි ශයෙත් අසලට ආ කිනුරු ඔහුව වැළඳගත්තේ අතට අත දැඩිව අල්ලා ගනිමිනි.

🧜දිය කින්නර🧜Where stories live. Discover now