2 කොටස

895 50 26
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

2 කොටස

සිපුම බලවත් ය.වේදනාකාරීය.යුවතිය කිනුරුගේ අත් ගොබයක් තද කර මිරිකා දැමුවේ ඔහුගෙන් ගැලවීමට වෙන කිසිදු උපක්‍රමයක් නොදත් හෙයිනි.ඇගේ නියපොතු වලට සීරුනු සමින් දැවිල්ලක් මෙන් නික්මෙද්දී කිනුරු ඇගේ දෙතොල විකා දැමුවේය.

"අනේ..හ්.මාව අතාරින්න"

ඇය ඉඩක් ලද තප්පරයේම මිමිණුවාය.ඒ හඬ නික්ම වූයේ කෙඳිරුමක් පරිද්දෙනි.ඔහු ඇගේ ගෙල පිටුපසින් අල්ලා ගත්තේය.උපැස් යුවලට යටින් පෙනෙන තියුණු නෙත්හි බැල්මට සරසි බියවූවාය.කිනුරු හෙලනා තර්ජනාත්මක බැල්ම හමුවේ හද ගැස්ම වේගවත් වූවද ඊටත් වඩා බියක් ඇගේ සිතෙහි විය.මේ මංජරී සිංහපාලිගේ කුටිය ය.ඔහු මංජරීගේ එකම පුතු කිනුරු රත්වත්තේය.නිවසට පැමිණි දිනයේම ඔහුගේ ග්‍රහණයට හසු වේ යැයි සරසි නොසිතුවාය.එය මංජරී දුටුවෝතින් නැවත කිසිදා මේ නිවසට ඒමට මඟක් නොවන බව ඇය වටහාගත්තාය.

"මම..මම..කෑ ගහන්න කළින්...මාව අතාරින්න.මෙහෙම කරන්න..ලැජ්ජා නැද්ද ආ?"

ඇය දෙතොල් වෙව්ලමින් පවසද්දී කිනුරුගේ මුවෙහි ඇදුනේ අතිශය සරදම් සිනහවකි.තමාව බිය වැද්දවීමට ඇගේ තර්ජන වලට නොහැකිය.ඔහු ඇගේ මුව තද කර අල්ලාගත්තේ ඇයට රිදුමක් එක්කරමිනි.

"ඔය චූටි කට මට කියලා තලා ගන්න එපා මිස් සරසි.මට අහු උනාට පස්සේ...ආයෙ ගැලවිලා යන්න ඉඩක් ලැබේවි කියලා හිතන්නවත් එපා.ඒක ඔය කුරුලු මොලේට දාගන්නවා"

ඔහුගේ අතැඟිලි අතරට සිර වී මිනැසියෙකුගේ මුව මෙන් දිස්වන පොපියන ලවන් යුගලය නැවත වරක් තමා සන්තකයට ගැනීමට ඔහු දෙවරක් නොසිතුවේය.සරසිගේ දෑත් ඔහු එක අතකින් අල්ලාගත්තේ ඇය ප්‍රතිප්‍රහාර එල්ල කරන බව දන්නා නිසාමය.මෙය අනපේක්ශිතයකි.ඇය ඔහුව මේ අයුරින් බලාපොරොත්තු නොවූවාය.නමුත් කිනුරුට බාධාවක් එල්ල වූයේ දොරට තට්ටු කළ හඬ නිසාය.ඔහු දොර දෙස හැරුනේත් සරසි මුවැත්තියක මෙන් කලබල වූයෙත් එකටමය.

"අනේ..මැඩම් ඇවිත්"

ඇය බියෙන් ගැහෙන්නට විය.නමුත් කිනුරුට වගක් තිබුණු බවක් නොපෙනුණි.

🧜දිය කින්නර🧜Where stories live. Discover now