11 කොටස

356 23 6
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

11 කොටස

"මචං ඔය ඇති...උඹ ඔය ගෙදරින් තවත් හිර වෙන්න වැඩක් කරගන්න හදන්නේ"

කිනුරු අත වූ කැටයම් සහිත වීදුරුව පසෙකට වූයේ ශයෙත්ගේ අතිනි.ඔවුන් සිටියේ ඔවුන්ගේ මිතුරෙකුගේ ඥාතියෙකුට අයත් අවන්හලකය.කිනුරු ශයෙත්ට අවනතව වූවේය.වාඩි වී සිටි ආසනයට හේත්තු වූ ඔහු සිය උපැස් යුවළ ගලවා දෙනෙත් පිරිමැද්දේ හිසද රිදුම් දෙන්නට වද්දීය.

"ආන්ටි තව ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න කළින් උඹ මොනාහරි කරන්න ඕනේ කිනුරුවා.අර කෙල්ල ඒකිට කරන්න පුලුවන් දේ කළා.දැන් හැමදේම තියෙන්නේ උඹේ අතේ..ආරාධ්‍යා උනත් ඩීසන්ට් ෆැමිලි එකක හොඳ කෙල්ලෙක්..මේවා දුරදිග ගිහින් අන්තිමට නතර කරන්න උනාම ආරාධ්‍යාට වෙන අවනම්බුව ගැන ටිකක් හිතපන්.ඒකි උඹට ලව් කරන්න කළින් උඹ ඉස්සර වෙයන්"

ශයෙත්ගේ හඬට සවන් දුන් කිනුරු වසාගෙන සිටි දෑස් විවර කළේය.සරසිගේ මවගෙන් වන බලපෑම ගැන දැනගත් මොහොතේ සිට ඔහුගේ හිතටද අමතර බරක් පැටවුණි.මංජරීව කෙසේ හෝ තම කැමැත්තට නම්මාගැනීමට බලා සිටියද ඇගේ අසනීප තත්ත්වය ඊට හරස් විය.ඔහු සරසිට බැඳීමට පෙර බැඳුනේ තම මවටය.පුතෙකු තම මව කෙරෙහි බැඳීමට වඩා මවක් තම පුතු කෙරෙහි තදින් බැඳීම බරපතල කරුණක් බව කිනුරු වටහාගනිමින් සිටියේය.

"අනේ මන්දා බං...රණ්ඩු කරලා හරි මම අම්මාව කැමති කරවගන්න කියලා හිතන් උන්නට ඒක ඇත්තටම කරන්න හදද්දි මාව ස්ටක් වෙනවා..එයාගේ හිත රිදෙයි කියලා බයයි.මම නිසා එයා අසනීප උනොත් මට මටම සමාවක් දෙන්න බැරි වේවි..."

ශයෙත් කිනුරු දෙස බැලුවේ සැළකිල්ලෙනි.ඉක්මනට කෝපයට පත් වන, මුරණ්ඩු ගති වලින් මංජරීට දෙවන නොවන ඔහු මංජරී ඉදිරියේම අසරණ වන අයුරු ශයෙත් අනේක වාරයක් දැක තිබුණි.ඔහු,ඔහුගේ සැබෑ ස්වරූපය සඟවාගෙන සිටින්නේ ඒ නිසාය.නමුත් මංජරී මවක් වශයෙන් තම දරුවන්ගේ කැමැත්තට ඉඩ දිය යුතු නොවේද?

"උඹ නිසා සරසිට මොනා හරි උනාට කමක් නැද්ද එහෙනම්??"

ශයෙත්ගේ පැණයෙන් කිනුරුගේ මුව ගොලු විය.

🧜දිය කින්නර🧜Where stories live. Discover now