14 කොටස

367 28 5
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

(අකුරු අඩුපාඩු ඇති.ප්‍රවේසමෙන් කියවන්න)

🧜 දිය කින්නර 🧜

14 කොටස

රත්වත්තේ නිවස සුපුරුදු නිහැඬියාවේම පිරී තිබුණි.හඬක් නැඟුණේ නම් ඒ ප්‍රියංගා කෑම මේසය සකසද්දී ආ වීදුරු එකට ගැටෙන හඬ පමණකි.වෙනදාට මේ වෙද්දී සරසිගේ පැමිණීම සිදු වූවත් ඇගේ ප්‍රමාදය හමුවේ මංජරීගේ නෙතු වරින් වර ඔරලෝසුව වෙත ගමන් කරන්නට වූවේය.ව්‍යාපාරික ස්ථානයට යාමට ඇඳ පැළඳගෙන පැමිණි කිනුරු පඩිපෙළ බැසුවේද දුරකථනය දෙස බලමිනි.සරසිගෙන් පණිවිඩයක්වත් නොමැතිව හිස් බවක් ඔහුට දැනෙන්නට ගත්තේය.දඬුවමක් ලෙස ඔහු ප්‍රතිචාරයක් නොයැවූවද ඇගෙන් උදෑසන සුබ පැතුමක් මෙතරම් කාලයක් ඔහුට නොලැබී තිබුණේ නැත.ආරාධ්‍යාගේ පැමිණීමත් ඇය කියූ දේවල් නිසාත් සරසිගේ හිත රිදුනු බව කිනුරු දුටුවද ඇය වෙනුවෙන් ඒ මොහොතේ කිසිවක් කර ගත නොහැකිව බලා සිටින්නට වීම ගැන තමන් ගැනම කෝපයක් ඔහුට දැනෙන්නට විය.ඇය පිටත් වී සුලු මොහොතකින් ඇයට ඇමතුමක් ගත්තද ඇය එයට සම්බන්ධ නොවූවාය.ශාලිගේ ඇමතුමද සරසිට මඟ හැරුණි.ආරාධ්‍යාව ඇරලවා ආ පසු සරසිට ඇමතුම් කීපයක් ගත්තද ඇගෙන් ප්‍රතිචාරයක් නොවීය.ඇගේ නිවසට ඇමතුමක් ගැනීමට සිතුවද එය නැති ප්‍රශ්ණයක් වනු ඇතැයි සිතා කිනුරු නිහඬ වූයේ අද දිනයේ ඇය සමඟ කතා කිරීමටය.සරසිගෙන් පිට වූ වදන් වලට ඇයට රිදවූවා වැඩි යැයි කිනුරුට දැනෙන්නට වූයේ ආරාධ්‍යා ඉදිරියේ ඇය පෙර දින අසරණ වූ අයුරු සිහිව ය.

"අද අර ළමයා තාමත් නෑ"

මංජරී පැවසන්නට වූයේ කිනුරුට පසුව ශාලිද කෑම මේසය අසලට එද්දීය.

"ආයේ බයික් එකේ අවුලක්ද දන්නේ නෑනේ අම්මා.මම කෝල් එකක් දෙන්නද?"

"එපා.එන ගමන් නම් ඉන්නේ කෝල් කරන එක වදයක් වේවි"

මංජරී කළ විධානයෙන් ශාලි නිහඬ වූවාය.ඛේමාගේ ආහාර වේලද සැකසූ ප්‍රියංගා එය ඛේමාගේ කුටිය වෙත රැගෙන ගියේ ප්‍රධාන කෑම වේල සැකසූ පසුවය.නිවසේ ස්ථාවර දුරකථනය නද දුන්නේ ඒ අතරේය.සෝෆාව අසලම තිබූ ස්ටූලය මත වූ ස්ථාවර දුරකථනය දෙසට නැමුණු මංජරී එය සවනේ තබා ගත්තාය.

🧜දිය කින්නර🧜Where stories live. Discover now