17 කොටස

611 44 4
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

(වචන දෙවරක් පරීක්ෂා කළේ නෑ.අඩුපාඩු තිබුණොත් පරිස්සමින් ලෙහාගෙන කියවන්න)

17 කොටස

ආලින්දයේ වූයේ අධික නිහඬ බවකි.එහි සෝෆාවේ කොණක වාඩි වී සිටි සුහර්ශාලි වූයේ දෑඟිලි එකට පිරිමදිමිනි.තවත් කොණක මංජරීගේ හැඟීම් විරහිත දෑස් බිමට නැඹුරු වී තිබුණි.රත්වත්තේ නිවසේ ඇයව නිහඬ කරවිය හැකි එකම පෞරෂය හැරමිටියකට වාරු වී ඔවුන් දෙදෙනා ඉදිරියේ සිටගෙන සිටියාය.මීට මොහොතකට පෙර වියපත් ඇගේ හඬෙන් පිට කළ වදන් මංජරීව නිහඬ කර දැමීය.

'මගෙ කොල්ලා ජීවිතේ තෝරගත්ත වැරදිම තෝරාගැනීම තමුන් කියලා තමුන් එහෙනම් ඔප්පු කළා...'

ඛේමාගේ වදන් මංජරීගේ සවනේ රාව ප්‍රතිරාව විය.එවදන් ඇගේ සිත රිදවන්නට සමත් විය.ඛේමා කිසිදිනෙක ඇයට ඍජුව චෝදනා කර නැත.නමුත් මෙවර එය වෙනස් ය.බරපතලය.

"මීට අවුරුදු තිස් දෙකකට උඩදි මට තමුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්කම තිබුණා කියලා අමතක කරන්න එපා.."

ඛේමා පවසන්නට වද්දී මංජරීගේ දෑස් ඛේමා දෙසට එසවිණි.ශාලි සිටියේ වැඩිහිටියන් දෙපළගේ යුද්ධය නැවැත්විය නොහැකිවය.

"ඇයි ඉතින් එදා එහෙම දෙයක් නොකළේ?ඔහොම හිතේ හිර කරන් ඉඳන් පළිගන්නේ නැතුව එදාම මාව හැමෝම ඉස්සරහා ලැජ්ජා කරන්නනේ තිබුණේ"

මංජරීගේ හඬ වෙව්ලුවද ඇය එය ඇසුවාය.ඇය ඛේමා ඉදිරියේ සිය කෝපය සඟවාගෙන හිටියේ ඇය තම නැන්දම්මා නිසාම නොව ඇය සිය සැමියාව ලොවට දායාද කළ මව නිසාය.

"එහෙම නොකළේ..මම මගේ දරුවන්ව එහෙම අමුනුස්ස තාලෙට හදලා නැති නිසා..මොනා උනත් මගේ පුතා ආදරේ කළේ තමුන්ට නිසා..ඒ හැමදේටමත් වඩා මම එහෙම පහත් ගෑණියෙක් නෙමේ නිසා...ඒකා තමුන්ව ඇස් වහගෙන විශ්වාස කළේ.තමුනුත් මේ කෙල්ල වගේ කැම්පස් ගිය එකියක් වෙච්චි කොට...තමුන්ටත් මේ කෙල්ලට වෙච්ච ඇබැද්දියම වෙච්චි කොට...තමුන් සතුටු වෙනවා මම අර දෙව්රම් වගේ තිරිසනෙක් විදියට නිලංගව උස්මහත් නොකළ එකට..."

🧜දිය කින්නර🧜Where stories live. Discover now